spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

24 පැයක් තුල ඉතාලියේ වැඩිම මරණ ගණන අද වාර්ථා වෙයි ! මිය ගණන 250 ක් !

Must read

coronavirus2-2-2ඉතාලි මරණ 13චීනයෙන් ඇරඹි කොරෝනා වෛරසය මේ වන විට බරපතලම විනාශය සිදුකර ඇත්තේ ඉතාලිය තුලය.
ගෙවුණ පැය 24 ක කාලයේදි   චිනය තුල 08 දෙදෙනෙකු මිය යද්දි ඉතාලියේදි ඒ ගණන 250  ක් වි තිබේ.
එය දශ වශයෙන් චිනයට සාපේක්ෂකව 31  ගුණයක වැඩිවිමකි.
එමෙන්ම මාර්තු 09 දිනයේ 97 දෙනෙකු මිය යද්දි එම ගණන මාර්තු 10 වෙනිදා දිනයේදි  168 ක් බවට පත්ව තිබුණි.
මාර්තු 11 වෙනිදා දිනය තුල මිය ගණන ලෙස 196 ක් වාර්ථා වන්නේ වෛරසය වැළදිමෙන් අනතුරුව එක දිනයක් තුලදි සිදුව ඇති විශාලතම මරණ ගණන ලෙස සලකුණු වෙමිනි.ඉන් පසුදින එනම් මාර්තු 12 වන දින 189 ක් ලෙසින් වාර්ථා වි තිබුණද මාර්තු 13 වනාද වැඩිම මරණ ගණන දැන් වාර්ථා වි තිබේ.
ඒ 250 ක් ලෙසිනි.
ගෙවුණ පැය 24 ක කාලය තුල සිදුව ඇති මරණ ගණනද බෙහෙවින්ම වැඩිය.එය ඊයේ දිනයට සාපෙක්ෂව මරණ 61 ක වැඩිවිමකි.
මේ දක්වා මිය ගොස් ඇති ගණන 1266 ක් වෙද්දි ඉන් 635 ක් පසුගිය දින 3 නක කාලය තුල පමණක් මිය ගොස් තිබුනි.
මේ අතර අවධානය යොමු කළ යුතු ඊළග ප්‍රධාන කරුණක් වන්නේ දැනට ඉතාලිය තුල අසාදිතයන් 14955ක්ද සිටිමය.
ඉතාලිය අද පත්ව ඇති තත්වයේ බැරැරුම්කම තේරුම් ගැනිම සදහා වැදගත් වන තවත් එක් කරුණක් ගැන ප්‍රධාන අවධානයක් යොමුකළ යුුතුව තිබේ.
එනම් චීනය තුල ගෙවුණ පැය 24 ක කාලය තුල නව අසාදිතයන් 22 දෙනෙකු පමණක් හමුවෙද්දි ඒ ගණන ඉතාලියේදි 2547 ක් වි තිබිමය.
මේ ආකාරයෙන් පිමි පණිමින් වර්ධනය වෙනන කොරෝනා වෛරසය මේ වන විට ඉතාලිය තුල මිනිස් ජිවිත 1016 ක්ද බිලිගෙන හමාරය.
මේ වර්ධනය වෙමින් ඇත්තේ සැබැවින්ම බියකරු යථාර්ථයකි.
මුලාශ්‍රය- www.worldometers.info

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article