spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

300%ක් වැඩි මිළට බෙහෙත් වර්ග 11ක් විකුණූ බව ආසිරි මෙඩිකල් රෝහල අධිකරණයේදී පිළිගනියි

Must read

ආසිරි මෙඩිකල් රෝහල විසින් පැරසිටමෝල් ඇතුළු තවත් බෙහෙත් වර්ග 11ක් නියමිත මිලට වඩා සියයට තුන්සියයක වැඩි කර විකුණූ බවට එළවූ චෝදනාවක් අධිකරණය හමුවේ පිරිගැනීමෙන් අනතුරුව දඩ මුදලක් නියම කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරි පන‍ට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම ඇතුළු චෝදනා 11ක් යටතේ මාලිගාකන්ද අධිකරණය හමුවේ වරද පිලිගැනීමෙන් මෙම දඩ මුදල නියම කර ඇති අතර අදාළ රෝහලේ නේවාසික ප්‍රතිකාර ගත් කාන්තාවකට එම කාලයේදී උපරිම සිල්ලර මිල නොතකා බිල්පතක් නිකුත් කර එම මුදල් අය කරගෙන තිබේ.

2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරි පන‍ට අනුව ගොනුකර තිබු නඩුවට අනුව එහි විත්තිකරුවන් ලෙස ආසිරි හොස්පිට්ල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ආයතනය, එහි අධ්‍යක්ෂවරුන් වන විශාල් බාලි, අශෝක කාරියවසම් පතිරගේ, අන්කුර් නාන්ද් තදානි, කරුණාමුනි මංජුල ප්‍රසන්න කරුණාරත්න, සුදර්ශන් අහංගම, ගාර්දියර් ලොකුගේ හැරීස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න හා බී.ඩී. සදතිසරු (සහකාර කළමනාකාරීනී බිල්පත්) නම්කර ඇත.

නුගේගොඩ,මද්දුවත්ත බී/05 හි පදිංචි සනත් කුමාර අතුකෝරාල මහතා විසින් සිය මව වන එස්.එම්. මන්ත්‍රීකුමාරිහාමි මහත්මිය 2023-02-07 දින සිට 2023-02-19 දක්වා කාලයේදී ආසිරි මෙඩිකල් රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබා ගැනීමේදී එම රෝහලින් ලබාදී ඇති ඖෂධ සඳහා අසාධාරණ ලෙස බිල් දමා වංචා සිදුකර ඇති බවට, සඳහන් කරමින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශය මගින් මූලික විමර්ශනයක් සිදු කර සෞඛ්‍ය ලේකම්ගේ අනුමැතිය යටතේ මේ නඩුව පැවරීමට කටයුතු කර තිබේ.

එහිදී ආසිරි ‍රෝහල ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් සලකුණු කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෙහෙත් වර්ග 11 ක් සඳහා හිතුමතේ මිල අයකර තිබූ බව අධිකරණයට දන්වා තිබු අතර රෝහල වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ එම වරද පිලිගෙන ඇත.

උපුටා ගැනීම -www.infosrilanka.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article