spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පක්ෂයේ එකමුතුකම ගැන මැයි රැලියේදී ‘සුදර්ශනී’ කතා කරයි

Must read

DSCF1016 (Small)
මෙවර හයිඩ් පිටියේ පැවතී ශ්‍රී.ල.නි.පක්ෂ මැයි රැළියට කටාන ආසනයේ දැවැන්ත ජනකායක් සහභාගී වුහ.  මැයි රැළිය පවත්වන්නේ කම්කරු ජනතාව වෙනුවෙන් වුවත් මෙවර කටාන මැයි රැළිය සඳහා තේමා පාටය වී තිබුණේ
“එන්න.. එන්න.. පෙරට එන්න.. , නායකයිනි එකට එන්න…” යන්නයි. මීට හේතුව වශයෙන් විශේෂඥ වෛද්‍ය  සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය විසින්  පෙන්වා දුන්නේ රටක හෝ පක්ෂයක, යම් සංවිධානයක නායකයින්ගේ  එකමුතුබාවය තුළින් රටට ඉමහත් සේවයක් කළ හැකි බවත් ඒ තුළින් රටේ කම්කරු ජනතාවට ඉමහත් අභිවෘද්ධියක්  සැලසෙන බවත්ය.
DSCF1069 (Small)
තවද, පක්ෂය තුල සියලුදෙනා එක්සත්ව එක්සිත්ව කටයුතු කලයුතු බවත් වෙනත් පිටතින් පැමිණෙන කූඨ  කුමන්ත්‍රණ වලට නොරැවටී බුද්ධිමත්ව පක්ෂයේ උන්නතිය සඳහා සැමදෙනාම එකමුතු වී කටයුතු කලයුතු බවත්  එවිට ඉතාමත් කෙටි කාලයකින් නැවත ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවක් යටතේ රට සංවර්ධනය කල හැකි බවත් එතුමිය  වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

නිමේෂ් රත්නායක

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article