42 වන ජාතික මීලතුන් උත්සවය මෙවර මීගමුවේදී ….

0
46

 

************************************
මෙවර 42 වන ජාතික මීලතුන් නබි උත්සවය ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය කර ඇත. ඒ සඳහා මිලාදුන් උත්සවයේ මූලික සාකච්ඡාවක් පෙරියා මුල්ල මුස්ලීම් ප්‍රධාන මස්ජිදයේ 2026 මැයි 13 දින පවත්වන ලදී.

ඒ අනුව, ප්‍රධාන රාජ්‍ය උත්සවය මීගමුව අල්-හිලාල් මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

IMG 20260515 WA0032 IMG 20260515 WA0034 IMG 20260515 WA0033 IMG 20260515 WA0035 IMG 20260515 WA0036 IMG 20260515 WA0028 IMG 20260515 WA0029 IMG 20260515 WA0031 IMG 20260515 WA0024 IMG 20260515 WA0023

මෙම ජාතික උත්සවය සඳහා වන සූදානම සහ සැලසුම් කිරීම පිළිබඳ මූලික සාකච්ඡාව ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලප්පර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම මූලික සාකච්ඡාවේදී, ප්‍රදේශවාසීන් පැහැදිලි කිරීම, උත්සවයේ වැදගත්කම සහ එහි සාර්ථක පැවැත්ම සඳහා ගම්වැසියන්ගේ සහභාගීත්වය ලබා ගැනීම, උත්සවය පැවැත්වෙන ස්ථානයේ පහසුකම් සහ විධිවිධාන පරීක්ෂා කිරීම සහ න්‍යාය පත්‍රය වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලදී.

මෙම අවස්ථාවට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එස්.එම්. නවාස් මහතා, නිලධාරීන්, ප්‍රාදේශීය ආගමික නායකයින්, දේශපාලන නියෝජිතයින්, සිවිල් සමාජ සංවිධානවල ක්‍රියාකාරීන්, විද්වතුන් සහ ප්‍රාදේශීය සම්භාවනීය අමුත්තන් සමඟ එක්ව සිටියහ.

සටහන මීපුර පුරවැසි මාධ්‍ය කරු එම. එස් එස් මුනිර් .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here