spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කලිස්සා…..!

Must read

received_10155238197771014මේ අද අපේ ගෙදරට අරන් ආපු ඉස්සෝ අතර සිටි විවිධ ප්‍රමාණයේ ඉස්සෝ වෙති.මීගමුව කලපුවේ විවිධ වර්ගයේ ඉස්සෝ ඇති අතර උන්ට ධීවරයින් විවිධ නම් දී ඇත. කූණී, මලි, කරලි,කලි,කුරුටු, ගොම, කරුඅඩු සහ දඩූ ඉස්සන් ලෙස හදුන්වනු ලබයි . ඡායාරූපයෙන් දැක්වෙන්නේ කලි ඉස්සෝය. හොඳින් වැඩුණු කලි ඉස්සෝ කිලෝ එකක් රුපියල් 1000/- කට ධීවරයෝ අතරමැදි ගැනුම්කරුවන්ට අලෙවි කරන අතර වෙළඳපොලේ එය රුපියල් 1500/ -පමණ මිලකට අලෙවි වේ.
අවාසනාවකට අද බොහෝ ධීවරයෝ ඉස්සෝ ඉතාම කුඩා අවදියේදී ප්‍රාථමික ආම්පන්න උපයෝගී කරගෙන අල්ලන අතර එම ඉස්සෝ විකුණනු ලබන්නේ ඉතා සුළු මුදලකටය. මෙම තත්ත්වය සැබැවින්ම ධීවරයින්ගේ ආදායමට ඍජුවම බලපායි. නිසි මුදලකට අලෙවි කල හැකි ඉස්සෝ කුඩා කාලයේදී ඇල්ලීම නිසා උන්ට වැඩෙන්නට කාලයක් ලැබෙන්නේ නැත. වෙනත් රටවල මේ සදහා විවිධ උපක්‍රම යොදා ඇත. කිසියම් නිශ්චිත ප්‍රමාණයක් දක්වා වැඩෙන මත්ස්‍යයන් / ඉස්සන් ඇල්ලීම තහනම් කිරීම එක් ක්‍රමයකි. මේ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමු වන්නේ නම් මැනවි.

අරුණ ශාන්ත නෝනිස්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article