ඇමති සුදර්ශණිගේ යෝජනාව ප්‍රායෝගිකද ?

0
215

රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් නිවෙස්වල තබා නිරික්ෂණය කිරිමට ලබන සදුදා (17) සිට කටයුතු කිරිම අරඹන බව කොරෝන පාලන කටයුතු භාර ඇමතිවරිය විසින් ප්‍රකාශ කර තිබේ.වෙනත් රටවල් විසින් සාර්ථක ලෙසින් අත්හදා බැලු මෙම ක්‍රමය සැබැවින්ම පවතින යථාර්ථය හමුවේ ඉතා වැදගත්ය.
එහෙත් එවන් ආසාදිතයන් බලාගැනිමට ලංකාවේ පවතින බහුතරයක් නිවෙස්වලට හැකියාවක් ඇතිද යන්න සැබැවින්ම ගැටළු සහගතය.

කාන්තා ක්‍රියාකාරිණියක වන සුමිකා පෙරේරා ඇගේ ෆේස් බුක් පිටුවේ මෙවන් සටහන් තබා තිබේ

රෝග ලක්ෂණ නොපෙන්වන කෝවිඩ් රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර කිරීම ආරම්භ කරන බව කියනවා. එය රෝහල්වල පවතින අර්බුදයට පිලියමක් වෙන්නට පුළුවන්. ඒත් මෙහිදී වෙනම කාමරයක වෙනම පහසුකම් සහිතව එලෙස රෝගියෙක් තබාගෙන බලාගැනීමට ලංකාවේ ගෙවල් කීයක පහසුකම් තියෙයිද?
පස් හය දෙනෙක් සිටින බහුතරයක් නිවෙස්වල පවා ඇත්තේ කාමරයක් හෝ දෙකක් පමණයි එහෙමවත් නැති තැන් තියනවා. බොහොමයක් නිවෙස්වල තිබෙන්නේ එක වැසිකිලියයි.
මේ ක්‍රියාවලියේදී එවන් අපහසුතා සහිත අය සම්න්ධයෙන් විශේෂ අවධානයක් යෙදවීම අත්‍යාවශ්‍යයි. නැත්නම් සිදුවන්නේ පවුලේ සියළු දෙනා වෙතම රෝගය බෙදාභදා ගැනීමට සිදුවීම නෙවේද?


නිදහස් වෙළද කලාප සමාජ ක්‍රියාකාරි්ණියක වන චන්ද්‍රා දේවනාරායන සිය ෆේස් බුක් පිටුවේ පසුගියදා සටහන් තබා තිබුනේ නිදහස් වෙළද කලාපයේ සේවක සේවිකාවන්ගේ නේවාසිකාගාර තුල කොරෝනා ආසාදිතයැයි හදුනාගත් අය දින 5 කටත් වඩා සිටින්නට සිදුවිම ගැනය.
ඒ තැන්වල බොහෝ විට ඇත්තේ ඒක වැසිකිලියකි. කාමරයකද කිප දෙනෙකි.
මේ පසුබිම තුල ඇමතිවරිය කර ඇති යෝජනාවට අනුව එය ක්‍රියාත්මක කළ හැකිව ඇති තැන්වලට පමණක් ඉඩ සලසා දිම කළ යුතුව තිබේ.