හොර පත්‍රිකාවකින් දූව ජනතාව විමතියට පත්වෙයි…?

0
514
IMG 20210601 WA0016

.
නම , රැකියාවේ ස්වභාවය ආදී විස්තර විමසමින් සම්පූර්ණ කළයුතු පෝරමයක් එක්තරා පිරිසක් විසින් දූව ප්‍රදේශයේ ගෙන්ගෙට ගොස් බෙදාහැර ඇත.
විමසා බැලීමේදී ප්‍රදේශය භාරව කටයුතු කරන ග්‍රාමනිලධාරි මහතා මේ ගැන කිසිවක් දැනසිටියේ නැත. එසේම මීගමුව ප්‍රාදේශීය ලේකම් තුමිය ප්‍රකාශ කළේද මෙවැනි දෙයක් තමන් නොදන්නා බවයි. මීගමු ධීවර කාර්‍යාලයද මේ පිළිබඳව දැන සිට නැත. එසේ තිබියදී ජනතාවගේ පුද්ගලික තොරතුරු විමසන පත්‍රිකාවක් සැකසීම බරපතල වැරැද්දක් බව ප්‍රදේශවාසීන් අතර කතාබහක් නිර්මාණය වී ඇත.

පසුව විමසා බැලීමේදී මේ කටයුත්ත මෙහෙයවා ඇත්තේ ධීවර පරීක්ෂක පුෂ්පකුමාර මහතා විසින් බවත්, මිල්ටන් නමැත්තා සහ තවත් කිහිප දෙනෙකු සහභාගී කර ගනිමින් ගෙන්ගෙට ගොස් මෙම පත්‍රිකා බෙදාහැර ඇති බවත් ආරංචි විය. මිල්ටන් යනු දූව ප්‍රදේශයේ අවස්ථා ගනනාවකදී මතුවූ පොදු ප්‍රශ්ණ වලදී යහපත් පූර්වාදර්ශයක් දුන් පුද්ගලයෙක් නොවීය. තමන් ධීවර සමීතියකින් බව කියමින් නැවත වරක් මෙම පත්‍රිකා බෙදන්නේ ජනතා හිතසුව පිනිස නොවන බව දූව ප්‍රදේශවාසීන් පවසති.

මීට පෙර මුහුද ඛාදනය වූ නිසා තම නිවස අහිමිවූ සුජිත් සහ එම අසරණ පවුල පාරට ඇදදැමීමට විශාල වැඩ කොටසක් ඉටුකළ පුද්ගලයා මොහු බව ප්‍රදේශවාසීන් දන්නා ප්‍රසිද්ධ කාරණයකි. එබැවින් මොවුන් කිහිප දෙනා මෙසේ පත්‍රිකාවක් බෙදමින් කරන සූදානම කුමක්දැයි දූව ප්‍රදේශවාසී ජනතාව විමසිල්ලෙන් පසුවෙති. මෙම පත්‍රිකාවේ වගකීම දරන්නෙකු නැත. අරමුණක් දක්වා නැත. වෙනත් පැහැදිළි කිරීමක් නැත. ඒ නිසා මෙවැනි තොරතුරු එකතුවකින් සිදුවන්නේ කුමක්ද? යන්න නොදන්නා බැවින්, දූව ජනතාව මේ පිළිබඳව බියෙන් සහ සැකයෙන් පසුවෙති.

සැම්සන් ඥානසිරි

Screenshot 20210602 101130 com.whatsapp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here