එන්නතට විතරක් නෙමෙයි රු 5000ටත් දේශපාලනය රිංගයි ?

0
138
මේ ගැන විවේචනය කරන සමාජ ක්‍රියාකාරිකයෙක් .

මීගමුවේ එන්නත්කරණයට පමණක් නොව පිඩාවට පත් ධිවරයන්ට රු 5000 බෙදා දිමේ කටයුත්තට ඉතාමත් අශෝභන ලෙසින් දේශපාලනය රිංගා ඇති අන්දම ගැන විවිධ ප්‍රදේශවලින් වාර්තා විය.
පසුගියදා මුන්නකරයේදි රු 5000 ලබාදිමේ වැඩසටහනේදි එක්තරා පොහොට්ටු මන්ත්‍රිවරියගේ හැසිරිම ගැන ප්‍රදේශයේ ශ්‍රිලනිප දේශපාලන ක්‍රියාකාරින් විසින් මාධ්‍ය හමුවේ විවේචන ඉදිරිපත් කොට තිබුණි.
කැපුන්ගොඩ සෙත්තප්පාඩුව ප්‍රදේශයේදිද මේ දුෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක විම ගැන තරුණ ක්‍රිස්තියනි ව්‍යාපාරයේ සමාජ ක්‍රියාකාරිකයෙකු සිය ෆේස් බුක් පිටුවේ මෙසේ සටහන් කර තිබුණි.

සියල්ලෝම අසරණයි.
හැකිනම් පන්දහසක් නොව සියලළු ජනතාව සාධාරන සහනයක් රජය විසින් ලබාදිය යුතුය.
තත්වය එසේ තිබියදී ධීවරයන් වෙනුවෙන් ලබාදෙනවා කිව්ව පන්දහස ලබාගැනීමට ධීවරයෝ පැය ගනං පෝලිං වල… හෙන්චයියංගේ ලිස්ට් වලට අනුව ධීවරයෝ නොවන ඔවුන්ගේ නෑ පිරිස් හිතවතුන් පෝලිංවල ඉදිරියෙන්ම පන්දහස ලබාගනී. මේ ඊයේ දින සෙත්තප්පාඩුව පන්දහස බෙදාදීමේ මධ්‍යස්ථානයේ පැවති තත්වයයි.
(2021 මැයි මස 16)ගම්වල දේශපාලණික හිතවතුන්ට ලිස්ට් හදන්න දෙන්නෙ ඇයි. ඉතාමත් යාවත්කාලීන ඡන්ද නාමලේකන භාවිතා නොකොට ඉතා පහසුවෙන් සුදුස්සන් තෝරානොගන්නේ ඇයි.
ගිලෙන නැවකට ගොඩවී හෝ එතෙර වීමට මාන බලන දේශපාලුවන් ගැන නම් මා හට එතරම් විමතියක් නොමැත.
මෙම තත්වය හමුවේ පන්දහස බෙදීමට මැදිහත්වූ රජයේ නිළධාරීන්ද මුණිවත රැකීම ඉතා පිළිකුල්සහගත කරුණකි.

193955109 661251308608402 6298643027216673950 n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here