60 ට වැඩි බූස්ටර් එන්නත ගන්න අයට විශේෂ පණිවිඩයක් !

0
124
vaccine 10.jpg

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3ක් සම්පූර්ණ වූ අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට බූස්ටර් හෙවත් වර්ධක මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම ඊයේ 17 ආරම්භ කර තිබුණි.ඒ කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්ක වලිනි.

ඒ අනුව කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ 3 වන මාත්‍රාව ලබා ගැනීමේදී එන්නත්කරණ මධ්‍යස්ථාන වල විශාල ලෙස ඒකරාශී නොවී, නිල දැනුම්දීමක් ලැබීමෙන් පසු එන්නත ලබා ගැනීමට පැමිණෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් තිබේ.
මේ අතර මිගමුව මහනගර සභාවේදි බුස්ටර් එන්නත ලබාදිමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන සුදානම් බව වාර්තා වේ.
පසුගිය කාලය තුල මිගමුවේ එන්නත්කරණය පිළිබදව දුෂණ වංචා චෝදනා රැසක් මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි හට මෙන්ම එහි කාර්ය මණ්ඩලයටද එරෙහිව එල්ල වි තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here