පාස්කු බෝම්බ ප්‍රහාරයේ 6 වන සංවත්සරය යාපනයේදිද සැමරේ

0
212

පාස්කු බෝම්බ ප්‍රහාරයේ 6 වන සංවත්සරය අද යාපනය මහා විහාරස්ථානයේදී සැමරීය.

යාපනය අගරදගුරු පදවියේ පැවති අනුස්මරණ දේව මෙහෙයකදී, ප්‍රහාරයෙන් මියගිය අය සහ අත් පා අහිමි වූවන් වෙනුවෙන් යාඥා කරන ලද අතර, එය  ජෙබරත්නම් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඉන්පසු නිහඬ උපහාරයක්,   ඉටිපන්දම් දැල්වීමක්ද සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට පල්ලියේ පූජකවරු, පූජකවරු සහ පාසල් සිසුන් සහභාගී වූහ.

මේ අතර විශේෂයෙන්ම උතුරේ දේවස්ථානවලට බෝම්බ දමා වෙඩි තබා ඝාතනය කිරිම් මෙන්ම කතෝලික පියතුමන්ලාා ඝාතනය කිරිම සම්බන්ධයෙන්ද දකුණේ  කතෝලික සභාව  හෝ වෙනත් කන්ඩායම් විසින් අඩුම තරමින් සදහන් කිරිමක්  හෝ සිදුකර  තිබුණ බවක් දක්නට ලැබුනේ නැත.

අද පෙරවරුවේ කොටහේන ශා. අන්තෝනි දෙවස්ථානයේ පැවැති සැමරුම් වැඩසටහනේදි මුස්ලිම් පල්ලි තුල සිදුකරන්නට යෙදුන ඝාතන ගැනද සදහන් විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here