මීගමුවේ කරවල නිෂ්පාදන කටයුතු මේ වන විට විශාල ලෙස පසුබෑමකට ලක්ව තිබුුුනේ කරවල නිෂ්පාදනයට අදාලව ලුණු නොමැතිවිම හේතුවෙනි .

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි කරවල නිෂ්පාදකයන්ගේ සංගමයක නියෝජිතයෙකු කියා සිටියේ සිය සංගමයේ සමාජිකයන් සදහා ලුණු මිටි 20 බැගින් බෙදා දිමට පියවර ගත් බවය. කරවල බැරල් 10 ක් පමණ කරවල නිෂ්පාදනය කරන අයෙකුට මේ ලුණු ප්‍රමාණය දින 2 කට පමණ සැහෙන බව කියා සිටියේය.
කෙසේ වෙතත් ලබන සිකුරාදාටද තවත් ලුණු තොගයක් ලැබෙන බවද ඔහු කියා සිටියේය.
මිට පෙර ඇණුවුුු කර තිබුන මෙම ලුණු තොගයේ ආසනික් නැමති විෂ රසායනය ඇති බවට සැකයක් ඇතිවී ඇති බවත්, ඒ පිළිබඳව පරීක්ෂණයක් කර නිගමනයකට එළඹෙන තුරු මෙම ලුණු තොගය කරවල ව්‍යාපාරිකයන් හට ලබා නොදුන් අතර යළිත් වරක් ඇණුවුම් කර ගෙන ආ ලුණු තොග අද මෙසේ බෙදා දි තිබුණි.
මැතිවරණයෙන් පසු ලුණු ප්‍රශ්ණය නොවිසුනහොත් උද්ඝෝෂණයකට යෑමට කරවල නිෂ්පාදකයක් සුදානමින් සිටියහ.