මීගමුව, ශ්‍රී විජයපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, ප්‍රථම වතාවට සංවිධානය කර ඉදිරිපත් කරන ” මීපුර වෛශාඛ්‍ය මංගල්‍යය 2025,” , ” ධර්ම විජය වෙසක් කලාපයේ ආරම්භය සනිටුහන් කරමින් එහි ප්‍රථම අදියර ලෙස අතිගෞරවනීය, සර්වඥ ධාතූන් වහන්සේලා, එම මධ්‍යස්ථානය වෙත වැඩම කිරීම අද එනම් වෙසක් පොහොය දින (12/05/2025) පෙරවරුවේදී සිදුවිය.
මෙම වෙසක් කලාපයට සමගාමීව ඊයේ දින සවස 6.00 සිට රාත්‍රී 10. 00 දක්වා මෙම අති ගෞරවනීය සර්වඥ ධාතූන් වහන්සේලා මීගමුව මහ නගර සභාවේ ප්‍රධාන ශාලාවේදී තැන්පත් කර තිබුණු අතර එම වේලාව තුලද සැදැහැවතුන්ට එම අති ගෞරවනීය සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාමාන කිරීම සඳහා අවස්ථාව සලසා තිබුණි.
එලෙසම වෙසක් පොහොය යෙදෙන අද දින සවස මෙම බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් මීපුර වෛශාඛ්‍ය මංගල්‍යය 2025,” , ” ධර්ම විජය වෙසක් කලාපය ද ආරම්භ වීමට නියමිතව ඇත. ඒ අනුව අද සවස මෙම බෞද්ධ මධ්‍යස්ථාන ඉදිරිපිට තනා ඇති දර්ශනීය වෙසක් තොරන ආලෝකමත් කිරීමෙන් අනතුරුව මෙම වෙසක් කලාපය මහජනතාවට විවෘත වීමට නියමිතව ඇත.
එමෙන්ම වෙසක් පොහොය යෙදෙන අද දවසේ සහ හෙට එනම් 13 වැනි අඟහරුවාදා යන දෙදිනේම රාත්‍රී විශේෂිත වෙසක් භක්ති ගීත ගායනා වැඩසටහන් පැවැත්වෙනු ඇත එලෙසම වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන සියලු ජනතාව වෙනුවෙන් දන්සැල් පැවැත්වීමට ද මෙම වෙසක් කලාපය භාරව කටයුතු කරන එම සංවිධායක මණ්ඩලය කටයුතු කර ඇත.