පසුගිය දින කිපය තුල මිගමුව පිටිපන දූව ලෙල්ලමට පිටපළාත් වලින් මාළු තොග පැමිණිමේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබේ.
විශේෂයෙන්ම බලයා කෙලවල්ලා ඇටවල්ලා වැනි මාළු තොග පැමිණ තිබුනේ ඉතාමත් සිමිත වශයෙනි.
එපමණක් නොව ලෙල්ලමේ මාළු මිළ ගණන් තිරණය කිරිමේදි බලපාන ප්‍රධාන මාළු වර්ගයක් වන ලින්නා තොග පවා ලැබි තිබුනේ ඉතාමත් අඩුවශයෙනි.
දින දෙකකදි පමණක් රු 300ක් පහළ මිළකට ගොස් තිබුණ සාලයා කිලෝවක මිළ අද රු 550ක් දක්වා ඉහල ගොසින්ය.
ලින්නා රු 1000ද ඉක්මවා ගොස් තිබේ.
බලයා කෙලවල්ලා ඇටවල්ලා තොග ඉතාමත් සිමිතය.
ඉස්සන් මිළ පවා පවතින්නේ ඉහල අගයකය.