මෙරට පවත්වන තෙවන “” නියේලිනි “” ගෝලීය සමුළුව සඳහා පූර්ව ප්‍රචාරක මාධ්‍ය හමුවක්

0
73

 

ලොව පුරා රටවල් 17 ක් එනම් පේරු, නයිජීරියාව, පැනමාව, මොංගෝලියාව තුර්කිය , උරුගුවේ ,ඉන්දියාව, බ්‍රසීලය, ඕස්ට්‍රේලියාව, ලෙබනනය , කොලොම්බියාව, ඇමරිකාව, ක්‍රොයේෂියාව, ඉතාලිය, ආර්ජන්ටිනාව, ප්‍රංශය සහ ශ්‍රී ලංකාව යන රටවල නියෝජිතයන් සහ 50 කට වැඩි විවිධ වූ සංවිධාන නියෝජනය කරන නියෝජිතයින් සහභාගී වන තෙවන
“” නියේලිනි “” ගෝලීය සමුළුව මේ වසරේ එළඹෙන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේ, මහානුවර පුරවරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා වන පූර්ව ප්‍රචාරක මාධ්‍ය හමුවක් පසුගියදා මීගමුව, ඒත්තුකාල ” ද කිංග්ස් බේ හෝටල්” ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව ඇති මෙම තෙවන “” නියේලිනි “” ගෝලීය සමුළුවේදී ආහාර ස්වෛරීභාවය, පොදු සම්පත් සුරැකීම, යහපත් සෞඛ්‍ය තත්ත්වයක් සඳහා වන හිමිකම , පාරිසරික යුක්තිය, ස්ත්‍රීවාදී ප්‍රවේශය සහ සමාජ සහයෝගී ආර්ථිකය , එලෙසම පාරිසරික විද්‍යාත්මක ගොවිතැන හා ස්වදේශික දැනුම යන පොදු අරමුණු මෙහිදී මූලික වශයෙන් අවධානයට ලක් කිරීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යන මෙම ගෝලීය සමුළුව සඳහා පූර්ව දේශපාලනික සාකච්ඡා සහ ඒකාබද්ධ ක්‍රියාමාර්ග සකස් කිරීම සඳහා පසුගිය දිනවල එනම් මැයි මස 05 දා සිට 09 වැනිදා දක්වා කාලය තුළ එම නියෝජිතයින් රැස්ව සාකච්ඡා පවත්වා ඇත. ඒ අනුව මෙම තෙවන “නියේලිනි” ගෝලීය සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට විශේෂයෙන්ම තෝරාගෙන ඇත්තේ ශ්‍රී ලංකාව වර්තමානයේදී උග්‍ර ණය අර්බුදයක් සහ ඊට ප්‍රතිවිරෝධීව ස්ථාපිත ශක්තිමත් බහුජන අරගලයක් තුල ගොඩනැගුණු සමාජ වපසරියක් සහිත රටක් බවට පත් ව ඇති නිසාය.
මෙම නියේලිනි ගෝලීය සමුළුවේ ප්‍රථම සමුළුව පැවැත්වුයේ 2007 වසරේදී, මාලි රාජ්‍යයේ සෙලින් නගරයේදී වන අතර ඒ සඳහා රටවල් 80 කට අධික සංඛ්‍යාවකින් නියෝජිතයන් 500 කට වැඩි පිරිසක් සහභාගී වී තිබේ. එහිදී මෙම ගෝලීය සමුළුව සඳහා ආහාර පිළිබඳ ස්වයං පූර්ණතාවයට උපමා වූ “”නියේලිනි ” යන මාලි රාජ්‍යයේ පුරෝගාමී ගැමි කාන්තාවකගේ නාමය මෙම ගෝලීය සමුළුව සඳහා යොදාගෙන තිබේ..

පසුගියදා මීගමුවේ දී පැවැත්වන ලද මෙම පූර්ව ප්‍රචාරක මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක නියෝජිතයින් මෙම ගෝලීය සමුළුව පිළිබඳවත්, ආහාර නිෂ්පාදනය සහ ආහාර ස්වෛරීත්වය කෙරෙහි වර්තමානයේ ලොව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයන් පිළිබඳවත් එලෙසම මෙම සමුළුවේදී වැඩි වශයෙන් අවධානයට ලක්කිරීමට ඇති තවත් මූලික අරමුණු හා පරමාර්ථයන් පිළිබඳවත් අදහස් පල කලහ.
ඒ අනුව මෙම ” නියේලිනී ” ගෝලීය සමුළුවේ ශ්‍රී ලංකා මෙහෙයුම් කමිටුව නියෝජනය කරමින් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ චින්තක රාජපක්ෂ මහතා සහ ලෝක ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය
එමෙන්ම මෙම මාධ්‍ය හමුවේදී “නියේලිනි” ගෝලීය සමුළුව නියෝජනය කරන රටවල් කිහිපයක නියෝජිතයින් වන මේරියන් බැසේ, මාකෝස් ෆිලාර්ඩි, ජනා නඛාල් සහ පෝලා ජියෝ යන මහත්ම මහත්මීන්ද  අදහස් දැක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here