ලංසා පවුලට සම්බන්ධ ස්වාධීන කණ්ඩායම් කිපයක්ම තිබුන බව අප මුලදිම හෙළිකර තිබුණි.
මේවා අතුරෙන් ප්‍රධාන එකක් වුයේ බෝතලය ලකුණෙන් තරඟ වැදුන කණ්ඩායමයි.
එහි කණ්ඩායම් නායකයා වුයේ නිමල් ලංසාගේ ලේකම්වරයෙකුද වු ඔස්මන් නැමැත්තෙකි
මෙවර මැතිවරණයෙන් බෝතලයටද මන්ත්‍රීධුර දෙකක් හිමිව තිබුණි.
මේ සඳහා ඔස්මන් නැමැත්තාගේ නම මෙන්ම ගිතානි නැමැත්තියගේ නමද මේ වන විට මැතිවරණ කොමිසම වෙත යවා ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර නිමල් ලංසාගේ සමිපතමයෙකු වු හිටපු නාගරික මන්ත්‍රී ජීවංග මිරැන්ඩෝ නැමැත්තාටද මන්ත්‍රීධුරය අවැසි යැයි කියමින් විවිධ බලපෑම් කරමින් සිටි බව වාර්තා විය.