කොමසාරිස්තුමියගේ ක⁣ණෙන් රිංගන ලංසලාගේ නිලධාරීන් ?

0
114

 

මිගමුව මහනගර සභාව තුල පුනරුද පාලනයක් ස්ථාපිත කිරිමට ඇති ප්‍රධාන බාධාව ලෙස එක් පැහැදිලි කරුණක් දැන් මතුව තිබේ.

එනම් ලංසා පාලනය යටතේ ඔවුන්ට හිතේෂිව කටයුතු කල නිලධාරීන් රැසක් මේ වන විට පුනරුද පාලනයේද මර්මස්ථාන අල්ලා ගෙන සිටින බවට ඇති චෝදනාවයි.

මේ බොහොමයක් නිලධාරීන්ව මිට පෙර සිටි කොමසාරිස්වරිය විසින් ස්ථාන මාරු ලබාදි යහපත් පරිපාලන පසුබිමක් සකස් කිරිමට සැලැස්මක් සහිතව කටයුතු කරමින් සිටියදි එය ලත්තැනම ලොප් වන්නට කටයුතු සැලසුනේ ගම්පහ දිස්ත්‍රික් ඇතැම් මාලිමා ලොක්කන්ගේ ආශිර්වාදයෙන් යැයි අනුමාන කළ හැකි නව කොමසාරිස්වරියක්ව මිගමුවට ඒවා තිබිම නිසාය.

හිටපු කොමසාරිස්තුමියගේ කනෙන් රිංගා ගේම් ගහන්නට බැරිව සිටි නිලධාරින්ට අලුත් කොමසාරිස්වරියගේ පැමිණිම මහත් අස්වැසිල්ලක් වි තිබුණි.

මිගමුවේ සිටින ඉජිනේරුවරයාට මෙන්ම තවත් C.C ලාටද ස්ථාන මාරු ලබාදිම සඳහා හිටපු කොමසාරිස්වරිය ලිපි පවා සකස්කර තිබුණද ඒවා පසුව රිවර්ස් විය.

දැන් මේ අය ගානට අවැසි තැන් අත්පත් කරගෙන සිටින අයුරු පෙනේ.

කොටින්ම කියන්නේ නම් හිටපු නගරාධිපති දයාන් ලංසාගේ කාමරයේම සිටි හිතේෂිවන්ත සේවිකාවක් දැන් සිටින්නේ කොමසාරිස්වරියගේ කාර්යාලයේ යැයි මහනගර සභාවේ සේවකයන් කියා සිටින්නේ විමතියෙන් මෙනි.

සභාවේ කටයුතු මෙහෙයවිමට සම්බන්ධ වි සිටින නිලධාරීන් ගැනද සභාව තුලම විවිධ කසුකුසු පවති.

එපමණක් නොව විවිධ විෂමාචාර ක්‍රියාවලට හසුව හිරේ ගිය ලංසාලගේ බඩියන් බවා විනය පරික්ෂණද නැතුවම දැන් සේවාවන් සඳහා යොදවා තිබිම ගැනද බරපතල විවේචන පවති.

දින 180 සම්පුර්ණ නොකළ ව්‍යාපෘති කම්කරුවන් 33 දෙනෙකුව ස්ථිර කිරිම මිගමුවේ සිටි අන්ත දුෂිත කොමසාරිස්වරයෙකු වු ලක්ෂමන් නැමැත්තාගේ විසින් සිදුකර තිබුණි.
මේ සම්බන්ධයෙන් ඇති ගැටළු ගැන හිටපු කොමසාරිස්වරිය මතුකර තිබියදි ඒ ප්‍රශ්ණයද වත්මන් කොමසාරිස්වරිය හරහා ගොඩින් බේරා ගැනිමට ලංසාලට හැකිව තිබුන බවද වාර්තාවේ.

මාලිමා බහුතරයක් සහිත නගර සභාවේ මංගල සභා රැස්විම ජුනි 09 වෙනිදා⁣ට යෙදි තිබේ.

රටතුල මෙන්ම මිගමුව තුලද මාලිමා රජය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ දුෂිත නිලධාරි තන්ත්‍රයක් සමඟින් ක්‍රම වෙනසක් කිරිමේ අභියෝගයයි.IMG 20250607 081302

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here