පුද්ගලික කොම්පැනිවලට යන මුදල ඉතුරු කර ගැනිම සඳහා මාලිමා පාලනය මහනගර සභාවේ කම්කරුවන් යොදා රාජපක්ෂ උද්‍යානයේ පිරිසිදු කිරිම් ආරම්භ කර තිබුණි.
එහෙත් මෙසේ යොදවා ඇති කම්කරුවන් නිසි ලෙසින් සේවයට වාර්තා නොකිරිම නිසා මතුව ඇති සේවක අර්බුදය එසේ තිබියදිම නගරාධිපතිවරයාට පවා රේක්ක වලින් කුණු ඇදිමට සිදුව තිබුන තත්වයක් සමාජ මාධ්‍ය ඔස්සේද පළව විය.
දැනට වාර්තා වන අන්දමට මෙහි පිරිසිදු කිරිම් සදහා සේවකයන් 10 දෙනෙකුට වඩා යෙදවිය යුතුව තිබුනද දැනට යොදා ඇති 5 දෙනා ගෙන වැඩි දෙනෙකු නොපැමිණෙන අතර යෙදවිමට යන තවත් අයගේ ලයිස්තු වලට කොමසාරිස්තුමියගේ අනුමැතිය පිලිබදව ප්‍රමාදයන්ද මතුව ඇතැයිද සැලය.
කෙසේ වෙතත් මෙම සේවක අර්බුදයට ලංසා පවුලද හේතුවක් වි ඇති නගර සභා සේවක ආරංචි මාර්ග දක්වා සිටි.












