මීගමුවේ සි⁣ට දුම්රියෙන් මඩු මංගල්‍යට ගිය බැතිමතුන්ගෙන් රජයට මැසිවිලි ! බලධාරීන්ට අප්‍රසාදය.!.

0
1552

 

අගෝස්තු 15 වැනිදාට පවත්වනු ලබන මරුඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය උත්සවය වෙනුවෙන් , ඒ සඳහා සහභාගි වන කතෝලික බැතිමතුන්ට මීගමුවේ සිට එහි යාමට සහ එය නිමවී නැවත මීගමුවට පැමිණීමට ලබා දෙන විශේෂ දුම්රිය ඊයේ දින (13/08/2025) රාත්‍රී 9.20ට පමණ ,මීගමුව, දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළේය. ඒ අනුව කුරණ, කටුනායක, සීදුව, ජාඇල, කඳාන,සහ රාගම යන දුම්රිය ස්ථාන ද ඇතුළුව මඩු දේවස්ථානයට පිවිසෙන “මඩු පාර” (මඩු රෝඩ්) දක්වා ඇති තවත් ප්‍රධාන දුම්රිය ස්ථාන ගනනාවකින්ද මෙවර මඩු මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන්ට මෙම දුම්රිය මගින්, ප්‍රවාහන පහසුකම් සලසා ගත හැකි බවට වාර්තා වුණි.IMG 20250814 WA0002IMG 20250814 WA0003

මීගමුව දුම්රිය ස්ථානයෙන් , මඩු මංගල්‍යය සඳහා යන මෙම දුම්රිය ගමන් ආරම්භ කිරීමේ අවස්ථාවේ දී එම දුම්රිය සහ එහි සිටි බැතිමතුන් අසිරි ගැන්වීමේ විශේෂිත කෙටි යැදුම් මෙහෙයක් මීගමුව කතෝලික කලාපීය නාහිමි සහ මහාවිදිය ශාන්ත මරියා දේවස්ථානයේ මීසම් පාලක වන ගරු ශාන්ත සාගර හෙට්ටිආරච්චි සහ කඩොල්කැලේ ,උත්ථාන වු ජේසු සමිඳුන්ගේ දේවස්ථානයේ මීසම් පාලක ගරු ලක්නාත් කුරේ ඇතුළු පියතුමන්ලා පිරිසකගේ ප්‍රධානත්වයෙන් මීගමුව, දුම්රිය ස්ථානයේ දී පැවැත්විණි. ඒ සඳහා
මීගමුව කලාපීය කතෝලික ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් එම්මාණුවෙල් පියුම්වර්ධන මහතා ඇතුළු එම බල මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක්ද සහභාගි වූහ. එලෙසම මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සහ මීගමුව, නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වුහ.

IMG 20250814 WA0007IMG 20250814 WA0009IMG 20250814 WA0008

ගෙවී ගිය වෙනත් වසර වලදීද අගෝස්තු මස 15 වැනි දාට පවත්වන මරුඳ මඩු මංගල්‍ය සඳහා මෙලෙස මීගමුව දුම්රිය ස්ථානයෙන් දුම්රිය එකක් හෝ දෙකක් පිටත් වීම සාමාන්‍ය සිදුවීමකි. එහෙත් මෙවර මඩු මංගල්‍යයට සහභාගි වන කතෝලික බැතිමතුන් සඳහා මීගමුවෙන් පිටත්වන දුම්රියක් ලබාදීම පිළිබඳව පසුගිය සති කිහිපය පුරාවට මෙරට බහුතරයක් ජනතාවගේ මෙන්ම , විශේෂයෙන්ම කතෝලික ජනතාව අතරද , එලෙසම මීගමුවේ වෙසෙන ජනතාව අතරද මහත් ආන්දෝලනයකට තුඩු දුන් සහ ඒ පිළිබඳව වැඩි කතාබහට ලක් වු කරුණක් බවට පත් වී තිබිණි .

IMG 20250814 WA0012 1IMG 20250814 WA0011 1එයට හේතු වූයේ මෙරට ප්‍රථම වතාවට මඩු දේවස්ථාන මංගල්‍යයක් වෙනුවෙන් ප්‍රවේශපත් මිලදීගෙන, සාමාන්‍ය ආකාරයට ලබා දෙන දුම්රියකට, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් රුපියල් ලක්ෂ 26 ක් වැනි අති විශාල මුදලක් ඉල්ලා සිටීම නිසාවෙනි .කෙසේ වුවද කතෝලික සභාවේත්, මීගමුච කලාපීය කතෝලික ශාසනාරක්ෂක බල මණ්ඩලයේත් නිරන්තරයෙන් කරන ලද ලිඛිත හා වාචික ඉල්ලීම් නිසාත්, එලෙසම විවිධ ජනමාධ්‍යයන් මගින් මෙම තත්ත්වය දැඩි සේ මතු කර තිබීම නිසාත් යන මේ සියලු හේතු කාරණා නිසා මාසයක පමණ කාලයක් නිසි විසඳුමක් නොලැබී, ඇදි ඇදී තිබූ, ,මඩු මංගල්‍යයට යන බැතිමතුන් සඳහා මීගමුවෙන් පිටත් වන එම සුපුරුදු දුම්රිය ලබාදීමට අවසානයේදී රජය තීරණය කර තිබිණි. ඒ බව පසුගිය 11 වැනි දින (11/08/2025) සවස මීගමු නගර සභාවේදී , විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මීගමුව භාර, රජයේ නියෝජිතයා වන සුගත් තිලකරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

IMG 20250814 WA0010

මේ අනුව දුම්රිය නියාමක මැදිරිය ( ගාර්ඩ් මැදිරිය) ඇතුළු මැදිරි 09 කින් යුත් දුම්රියක් මඩු මංගල්‍යය සඳහා පිටත්ව යන සැදැහැවතුන් වෙනුවෙන් මීගමුව දුම්රිය ස්ථානයට අද රාත්‍රියේ පැමිණ තිබුණු අතර එහි දුම්රිය මැදිරි 02 ක් දෙවන පන්තිය වන අතර එහි එක් ගමනාන්තයක් සඳහා එක් ප්‍රවේශපත්‍රයක ගාස්තුව ලෙස රු.900 කුත් ,ගමනාන්ත දෙක ( පිටත්වීමට සහ ආපසු පැමිණීමට) සඳහාම රු.1800 ක මුදලක් අය කෙරේ. එම දුම්රියේම තවත් මැදිරි 06 ක් තුන්වන පන්තියේ මැදිරිවන අතර එහි එක් ගමනාන්තයකට අයකරන ප්‍රවේශපත්‍රයකට රු.440 ක මුදලක් අය කෙරේ. ගමනාන්ත දෙක සඳහා රු 880 ක මුදලක් අය කෙරේ. මෙම දුම්රියේ පළමු පන්තියේ මැදිරි නොතිබුනු අතර මීගමුව දුම්රිය ස්ථානයේ ප්‍රධාන ස්ථානාධිපති ඩී.එස්.කේ. අතපත්තු මහතා පැවසුවේ 1000 ක පමණ බැතිමතුන් පිරිසක් දෙවන පන්තිය හා තෙවන පන්තිය ප්‍රවේශ පත්‍ර ලබාගෙන ඇති බවයි.
මීගමුව දුම්රිය ස්ථානයට මෙම දුම්රිය පැමිණ මිනිත්තු 15 ක පමණ පමණ ඉතාම කෙටි කාලයක් තුළ මෙම දුම්රියේ සියලුම දුම්රිය මැදිරි බැතිමතුන්ගෙන් පිරී ගිය ආකාරය දැකගත හැකි විය. බොහෝ දෙනකු සමහර මැදිරි තම ගමන් මලු සහ වෙනත් බඩු බහිරාදිය තබාගෙන සිටගෙන ගමන් කිරිමේ අරමුණින් යුතුව දුම්රියට ගොඩ වූ ආකාරයද දැකගත හැකි විය. එලෙසම කුඩා දරුවන් සහ වයෝවෘද්ධ වැඩිහිටියන් සමග පැමිණ සිටි තවත් පිරිස් දුම්රිය මැදිරි තුළ අසුන්ගෙන යාමට නොහැකි බව දැනගෙන බලාපොරොත්තු සුන් වූ දෑසින් යුතුව ආණ්ඩුවට සහ වගකිවයුතු බලධරයන්ට මැසිවිලි නගමින් දුම්රිය වේදිකාවේ රැඳී සිටින ආකාරයද දැක ගත හැකි විය. එහිදී බොහෝ දෙනෙකු පැවසුවේ මීගමුව දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවන බැතිමතුන් ප්‍රමාණයට සරිලන ලෙස දුම්රිය පෙට්ටි හෙවත් දුම්රිය මැදිරි නොමැති වීමෙන් මෙම අවාසනාවන්ත පීඩාකාරී තත්වය උද්ගත වු බවයි. මෙහිදී තවත් බොහෝ දෙනකු පැවසුවේ මීගමුවෙන් ගමන් ආරම්භ කරන විට දීම මේ ආකාරයට දුම්රිය මගීන්ගෙන් පිරී පවතින විට දුම්රිය මඟ නවතන වෙනත් දුම්රිය ස්ථාන ගණනාවක සිටින බැතිමතුන්ට මෙම දුම්රියෙන් මඩු මංගල්‍යයට යාමට සහ ඒමට ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට දැඩිසේ අසීරු වන බවයි. එහිදීද බොහෝ දෙනකු පැවසුවේ එම තත්ත්වයට හේතු වන්නේ ද මෙවන් විශාල බැතිමතුන් ප්‍රමාණයකට දුම්රිය මැදිරි 09 ක් වැනි අඩු මැදිරි ප්‍රමාණයකින් යුත් දුම්රියක් ලබාදීම නිසා බවයි. දුම්රියෙන් මඩු මංගල්‍යයට යන්නට පැමිණ සිටි එහෙත් ආසන පහසුකම් නොමැති බව දැනගත් බලාපොරොත්තු සුන් වූ වැල්ලවීදිය ප්‍රදේශයේ ධීවර පවුලකට අයත් පිරිසක් ප්‍රකාශ කළේ මෙවැනි ගමනකට දුම්රිය මැදිරි වැඩි ප්‍රමාණයකින් සමන්විත දුම්රියක් සැපයීමට නොහැකිනම් අඩු මැදිරි සංඛ්‍යාවක් සහිත දුම්රිය දෙකක්වත් ලබාදීමට රජය උත්සුක විය යුතු බවයි.

තවද මෙම දුම්රියෙන් මඩු මංගල්‍යයට යන්නට පැමිණි කඩොල්කැලේ ප්‍රදේශයේන් පැමිණි ගුරු යුවළක් ප්‍රකාශ කළේ මෙය කතෝලික ආගමික මංගල්‍යයක් වුවද මෙය මෙරට ජාතික මංගල්‍යයක් වන බැවින් මේ සඳහා මීගමුව සිට ගමන් ආරම්භ කරන මෙම දුම්රියෙන් අති විශාල බැතිමතුන් සංඛ්‍යාවක් මෙම මංගල්‍යයට සහභාගී වන බවත්, එම බැතිමතුන් ප්‍රමාණය වසරින් වසර වැඩිවන බවත් , වැඩිවන බැතිමතුන් ප්‍රමාණය අනුව දුම්රිය මැදිරි වැඩිකර හෝ දුම්රිය ප්‍රමාණය වැඩිකර හෝ ඒ සඳහා නිසි දුම්රිය ප්‍රවාහන පහසුකම් සලසාලීමට මෙවර බලයේ සිටින මෙම ජන බලවේග ආණ්ඩුව අපොහොසත් වී ඇති බවද පැවසීය. එහිදී එම ගුරු යුවල වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආණ්ඩුවේ බලධරයන්ට මෙන්ම , දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරීන්ට මඩු දේවස්ථානයේ පැවැත්වෙන මෙම ජාතික මංගල්‍යය පිළිබඳව හෝ එයට සහභාගී වන බැතිමතුන් පිළිබඳව හෝ කිසිදු අවබෝධයක් නොමැතිව සහ තවද පෙර වර්ෂ වල ඇති අත්දැකීම් පිළිබඳව ද කිසිදු තැකීමක් නොකර, මෙම දුම්රිය පහසුකම් මෙවර සලසා ඇති බවයි.
මේ ආකාරයෙන් ගත් විට මඩු මංගල්‍යයට යන්නට දුම්රියක් ලබාදීමට රුපියල් ලක්ෂ 26 ක අති විශාල මුදලක් ඉල්ලා සිට පසුව ඒ තීන්දු තීරණයක් ආපස්සට හැරවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ස්තූති කරන සමහර පිරිස්ද පවසන්නේ බැතිමතුන්ට දැඩි අපහසුතාවයන්ට හා දුෂ්කරතාවයන්ට ලක් වීමට ඉඩ සලසා නිසි ආකාරයට දුම්රිය පහසුකම් ලබා නොදීම පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් වගකිවයුතු රජයේ බලධාරීන්ටත් තම අප්‍රසාදය පළ කරන බවයි.

 

මේ පිළිබඳව අදහස් දැක්වූ මීගමුව කලාපීය කතෝලික ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් එම්මානුවෙල් පියුම්වර්ධන මහතා පැවසුවේ ,මෙවැනි තත්ත්වයක් උද්ගතවන බව කලින්ම දැනගත් තමන් ඇතුළු තම බල මණ්ඩලය මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට සහ වගකිව යුත්තන්ට ලිඛිතව ඉල්ලීම් කළේ මැදිරි 15 කින් පමණ සමන්විත වන හොඳ තත්ත්වයේ දුම්රියක් ලබාදෙන ලෙසයි. එහෙත් එහිදී දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ මැදිරි 15 ක් රැගෙන යාමට හැකි ධාරිතාවයක් සහිත දුම්රිය ඇන්ජින් නොමැති අතර මැදිරි 11 පමණක් රැගෙන යා හැකි ඇන්ජින් පමණක් ඇති බවයි. ඒ අනුව පියුම්වර්ධන මහතා ප්‍රශ්න කර සිටින්නේ එලෙස මැදිරි 11 ක් සහිත දුම්රියක් හෝ ලබා නොදී මැදිරි 09 ක් පමණක් ඇති දුම්රියක් ලබාදීමෙන් මෙලෙස දැඩි තදබදවීමකට හසුව දැඩි අපහසුතාවයකින් හා දැඩි දුෂ්කරතාවයන්ට ලක්වීමෙන් මීගමුවේ කතෝලික බැතිමතුන්ට මෙවර පැය 06 ක පමණ දීර්ඝ කාලයකින් යුතු මේ ගමන යන්නට සිදු වී ඇති බවයි. මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක් බව ද ඔහු පවසයි. මෙවැනි තත්ත්වයක් හරි හැටි අවබෝධ කරගනිමින් රජයේ දුම්රිය දෙපාර්තමේන්තු බලධාරින් ඉදිරියේදීවත් කටයුතු කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත් පියුම්වර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

ඒ අනුව අද දින පිටත් වූ මෙම දුම්රිය , මඩු දේවස්ථාන ජාතික මංගල්‍යය උත්සවය නිමාවට පත්වීමෙන් පසු එනම් අගෝස්තු 15 වැනිදා සවස 4.00 ට, මඩු රෝඩ් ( මඩු පාර ) දුම්රිය ස්ථානයේ සිට මීගමුව දුම්රිය ස්ථානය දක්වා පැමිණීමට නියමිතව ඇත.

IMG 20250814 WA0006IMG 20250814 WA0021

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here