කටුනායක ප්‍රදේශයේ සෑම ඉරුදිනකම උදේවරුවේ අවස්ථා කිපයකදිම විදුලිය විසන්දි විම දැන් කලක පටන් සිදුවෙමින් තිබේ.
මේ පිලිබදව කටුනායක පේදුරු පාවුළු දේවස්ථානයේ ඉරුදින දිව්‍ය පූජාව අවස්ථාවේදිද ගරු පියතුමන් විසින් මතු කර තිබුනේ දේව මෙහෙය නිසි පරිදි පවත්වාගෙන යාමට පවා මේ විදුලි විසන්දිවිම් තදබල ලෙස බලපා ඇති බවය.
ලෙකෝ ආයතනය විසින් පාලනය වන කටුනායක ප්‍රදේශයේ ඉරිදා ලෙඩේ විසදා ගැනිම අදාල බලධාරින් නිසි පරිදි කටයුතු නොකරන්නේ නම් එයට බරපතල විරෝධයක් දැක්විමට වුවද ජනයා සුදානම් බවද දැන් දැන් කථාබහට ලක්වෙමින් තිබේ..
කටුනායක අවට සිටින ලොක්කෙකුට සහන සැලසිමට මේ කැපිල්ල සිදුවන බවට රාවයක්ද පවති.
කෙසේ වෙතත් අද (සැප් 21)විනාඩි 10ක පමණ කාලයකට විදුලිය ඇණහිට තිබුණි.
ඒ කටුනායක දෙව්මැදුරේ දිව්‍ය පූජාවඅතර යළිත් වතාවක් සිදුව තිබිමද මෙහිලා යළිත් අවධාරණය කළ යුතුව තිබේ.
සී.ප්‍රනාන්දු.












