මාරක අනතුරක් අතලඟ ? මේ ගව රැළ ගැන ජා ඇල බළධාරින් නිහඬ ඇයි ?

0
424

පසුගිය සති කිපය තුලම උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබුනේ මාරක රිය අනතුරු ගැනය. එවන් බරපතල රිය අනතුරුවලින් පසුව නින්දෙන් ඇස් ඇරුනාක් මෙන්ම සෑම ක්ෂේත්‍රකම බලධාරින් මහත් උනන්දුවකින් මාරක අනතුරු අවම කිරිමට ක්‍රියා මාර්ග සොයති . මේ උනන්දුව ටික කලින්ම නැතිවි යයි.

යලිත් තවත් මාරක අනතුරුකට පසුව මේ අය කුලප්පු වෙති.ආයෙමත් නිහඩ වෙති.

අහිමි වන්නේ මිනිස් ජිවිත නිසා කිසි විටකත් මේ වගකිම් වලින් ඉවත යා නොහැක.

දැනට කාලයක් තිස්සේ ඒකල ප්‍රදේශය හරහා යන රියදුරන්ට මහත් හිසරදයක් වි ඇති නිදැල්ලේ එහා මෙහා යන ගවරැළක් ගැන මිට පෙරද අපි ලියා ඇත.

එහෙත් කිසිදු බලධාරියෙකු ඒ සඳහා ක්‍රියාමාර්ග ගත් බවක් නොපෙනේ.

යළිත් අප කියා සිටින්නේ අවධානමට පෙර සුදානමට අවදි වන ලෙසය.

IMG 20250514 WA00952

ඒකල නිවාසිපුර ප්‍රදේශයේ දැන් කලක පටන් නිදැල්ලේ එහා මෙහා යන ගවරැළක් නිසා මාරක අනතුරක් විමේ වැඩි ඉඩක් දැන් නිර්මාණය වි ඇතැයි ඒ ප්‍රදේශයේ ජනයා මෙන්ම රථවාහන හිමිකරුවෝ කියා සිටිති.IMG 20250521 WA00211

මේ ගව රැළට 40 කට ආසන්න ගවයන් ප්‍රමාණයක් සිටින අතර දැනටමත් අනතුරු කිපයක්ම සිදුව ඇතැයි වාර්තා වේ.

පසුගිය දිනක වාහනයක පැති කණ්නාඩියක්ද කැඩිබිදි ගොස් තිබුනේ  රංචු පිටින් යන මේ ගවයන් නිසාවෙනි.

මේ සම්බන්ධයෙන් ජාඇල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඇතුලු සියලු බලධාරින් කඩිනම් පියවර ගත යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here