මීගමුව රෝහල් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හරසරින් සැමරේ . …

0
402

 

මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ ස්ථාපිත ආරෝග්‍ය දේවමාතා දේවස්ථානයේ වාර්ෂික මංගලෝත්සවය අද එනම් සැප්තැම්බර් 28 වැනි ඉරු දින දහවලදී මහත් හරසරින් පැවැත්විණි.

මෙම මංගල්‍යය දිව්‍ය පූජාව පැවැත්වුණේ රෝහල් උපාධ්‍ය ගරු නිරංජල් මාර්ෂල් පියතුමන්ගේ සහ කොළඹ අගරදගුරු පදවි චාන්සලර් ගරු ප්‍රීති මුතුකුඩආරච්චි පියතුමන්ගේ ප්‍රධානත්වයෙනි.
මෙම මංගල්‍යය දිව්‍ය පූජාව මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ කතෝලික සංගමයේ සාමාජික සාමාජිකාවන් විසින් සංවිධානය කර තිබිණි. මෙම මංගලය දිව්‍ය පූජාව සඳහා ආරාධිතයින් රැසක් මෙන්ම රෝහලේ දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන පිරිසක් සහ අවට ප්‍රදේශවාසීන් පිරිසක්ද සහභාගි වූහ.

ඡායාරූප-..
රේමන් අපොන්සු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here