මහ සභාවට යෝජනාවක් වත් ගෙන ඒමට නොහැකි,මිගමුවේ පුනරුද පාලනය බරපතල අර්බුදයක ?

0
663

මිගමුවේ පුනරුද පාලනය හිතන්නේ මිගමුවට ඇත්තේ ඉතාමත් සුළු ප්‍රශ්ණ ප්‍රමාණයක් බවය.

එනම් පාරවල් අයිනට මී ගස් නැතිකම, කාණු ප්‍රශ්ණය වැනි දේවල් හැරුණු කොට මිගමුව මහනගර සභාවට විසදිමට තරම් දැන් ගැටළු නැතිබව මෙවර පැවැති මහ සභා රැස්විම තුලින්ම මනාව ඔප්පු කර තිබේ.

මෙවර  මාසික මහා සභා රැස්වීමේදී ආණ්ඩු පක්ෂයෙන් හෝ විපක්ෂයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නොතිබීම විශේෂත්වයකි.

ඒ අනුව එම මහා සභා රැස්වීම විනාඩි කිහිපයකට සීමා වූ අතර එතැන් පටන් කාරක සභා අවස්ථාව පැවැත් වූ බවද වාර්තා වුණි.

කප්පරක් ප්‍රශ්න ගැටලු අධිකව පවතින මීගමු නගර සභා බල සීමාව තුළ මාසික මහා සභා රැස්වීමකදී, සාකච්ඡාවට බඳුන් කළ යුතු කරුණු කාරණා සම්බන්ධව යෝජනාවක් හෝ මෙම මාසික මහා සභා සාකච්ඡාවට ගැනීමට නොහැකි වීම ඉතා අභාග්‍යසම්පන්න තත්ත්වයකි.

මේ තත්වය ගැන හිටපු නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා පවසන්නේ එක් මාසික මහා සභාවක් සහ කාරක සභාවන් මාසයකට අදාලව පවත්වන්නේ එක දිනකදී බවය.

එම මහා සභාවට සහ කාරක සභා අවස්ථාවට පැමිණීම වෙනුවෙන් පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරයෙකුට රැ.32,500 ක මාසික දීමනාවක් හිමිවන බවද ඔහු සඳහන් කරයි. මේ ගෙවිම් කරනු ලබන්නෙ මහජන බදු මුදල්වලිනි.  මේසා මුදලක් ,මහ නගර සභාව විසින් වැයකර නගරයේ ජනතාවගේ යහපත වෙනුවෙන් එකදු හෝ යෝජනාවක් ඉදිරිපත් කර එය සාකච්ඡා කර තීන්දු තීරණ ගත නොහැකිනම්, එය නිරපරාදේ මහජන බදු මුදල් වැය කිරීමක් බවද හිටපු නගරාධිපතිවරයා පවසයි .

මිගමුවේ පුනරුද පාලනය ස්ථාපිත කොට දැන් මාස 4ක්ද ඉක්මවා යමින් තිබේ.එහෙත් පුනරුදය බලයට ගෙනඒම සඳහා දහසක් බලාපොරොත්තු තබාගෙන කටයුතු කළ ජනතාව අද බරපතල කලකිරිමට පත්ව ඇත්තේ මිගමුවේ පුනරුද පාලකයන්ගේ නොහැකියාවන් නිසාමය.

මිගමුව යනු දශක දෙකක් පවුලක පොදු දේපලක් සේ සලකා  අපහරණය කළ ලංකාවේ ප්‍රධානතම නගරයයි.මේ දුෂිතයන් මිගමුවේ පොදු සම්පත් කාබසිනියා කරමින් සිය ගෝලබාලයන්ට නීතියට පි⁣ටින් අනවසර වැඩ කරගැනිමට ඉඩදෙමින් මිගමුව විනාශය කරා ගෙන ගොස් තිබුණද මේ සලකාර අනීතික ක්‍රියා වලට එරෙහිව  කිසිදු ඵලදායි ක්‍රියාමාර්ග ගැනිමට හීන්කෙන්ද පාලනයට අද නොහැකි වි තිබේ.

රු ලක්ෂ 25කට වඩා වැයකරමින් හිටපු නගරාධිපති දයාන් ලංසාගේ පුද්ගලික පරිහරණය සඳහා මහජන මුදලින් මිලට  ගෙන තිබු කැමරා ආම්පන්න සහ පරිඝණක ගැන තවමත් කිසිදු විමසිමක් කිරිමට හීන්කෙන්ද පාලනයට නොහැකිව තිබිම සැබැවින්ම විමතිය දනවන කරුණකි.

මේ සටහන තැබෙන අද උදැසනත් මිගමුවේ මහජන සුබ සිද්දියට යෙදවිය හැකි විශාල මුදලක් බැරවනුයේ ලංසා පවුලේ ගිණුම් වෙතය.

පුනරුද පාලනයට වසරක් ඉක්මවා තිබුණද තුනෙන් දෙකේ බලයක් පවා තිබුණද අදටත් මිගමුවේ බිච්පාක් එකේ අදායම ලංසා පවුලට ලැබිම අප පැහැදිලි කරගන්නේ කෙසේද?

මැතිවරණ සමයේදි තව්සන් ටෝක්ස් ඉෂු කළ මාලිමාවේ ගම්පහ දිස්ත්‍රික් ලොක්කන්ද දැන් ලංසාලාට සරෙන්ඩර් වි ඇති සැටියකි.

මහ සභාවට බදු ගෙවන ජනයා වෙනුවෙන් එකදු යෝජනාවක් ගෙනඒමට අපොහොසත් දේශපාලනයක් ක්‍රියාත්මක මිගමුව සැබැවින්ම අළුතින් ගොඩනැගිය හැක්කේ මිගමුවට ඇත්තට ආදරය කරන පුරවැසියන්ට මිස වැඩබැරි ටාසන්ලාට නොවන බව යළිත් වරක් අවධාරණය කළයුතුව තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here