දෙපා ඇල පිරිසිදු කිරිමේ අමාරුම කොටස කරන කම්කරුවන්ට ප්‍රණාමය..

0
722

 

( 8.30 am ) දෙපා ඇල කියන්නේ මිගමුවේ පොලිටික්ස් වල නිරන්තරයෙන්ම කථා බහට ලක්වුන  ප්‍රධාන තැනක්.

කලින් පාලකයෝ එයාලටත් එයාලගේ බඩියන්ටත් අතදිගහැරල හම්බකරගන්න පාවිච්චි කලේ මේ දෙපා ඇල.

මහජන බදු මුදල් වියදම් කරල අතැම් වත්මන් දේශපාලකයෝ තමුන්ම පුම්බගන්න සංදර්ශන දාන්නෙත් මේ දෙපා ඇලට මුලවා වෙලා.

හැබැයි කලින් පාලකයන්ට වඩා දැන් දෙපා ඇලේ වැඩේ ටිකක් පිලිවෙලට වෙනව වගේ.

මේ වැඩේ අමාරුම කොටසට කර ගහල තියෙන්නේ කම්කරුවෝ.

එයාල නගර සභාවේ අය වුනත් කොන්ත්‍රාත් ක්‍රමයට වැඩට සෙට් වෙලා ඉන්න අය වුනත් එයාල මර කැපකිරිමක් කරනව.පඩි ලැබෙනව තමයි.ඒත් අමාරුව වැ⁣ඩේ කරන අය ගැන කව්ද ප්‍රණාම දක්වන්නේ.

ෆේස්බුක් එකට දාන පොටෝ එකක් වෙනුවෙන් ඇල පිරිසිදු කරන යන්ත්‍රවල සිට් එකට නගින අය වගේ නෙමේ මේ කම්කරුවෝ කුණු ගාගෙන මඩ නාගෙන වැඩ මුළු දවසෙම වැඩ.

ඒ අයටයි ඇත්ත ප්‍රණාමය හිමිවෙන්න ඕනා.

පි.එම් පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here