ටීචර් අම්මා” යන අනුවර්ත නාමයෙන් හඳුන්වන හයේශිකා ප්‍රනාන්දු නැමැති ශිෂ්‍යත්ව ටියුෂන් ගුරුවරියගේ කටාන ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ සේවයේ නියුතු 24 හැවිරිදි තරුණියකට ලිංගික අතවරයක් සිදුකළ බව කියන සිදුවීමක් සම්බන්ධව එම අධ්‍යාපන ආයතනයේම සේවය කළ මීගමුව කිඹුලපිටිය, ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයාට එරෙහිව කටාන පොලිසිය විසින් ගොනුකරන ලද පැමිණිල්ලට අදාළ නඩු විභාගය අද දින (12/11/2025 ) පෙරවරුවේදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යලි කැඳවන ලදී.
ඒ අනුව ,මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ශාලා අංක 02 හී, මීගමුව අතිරරේක මහේස්ත්‍රාත් සුභානී අබේසේකර මහත්මිය ඉදිරියේ දී මෙම නඩුව අද දින යලි විභාගයට ගැනුනු අවස්ථාවේ මෙම සිදුවීමට අදාළ සැකකාර තරුණයාද , එලෙසම මෙම නඩුවේ පැමිණිලිකාර තරුණියද අධිකරණයේ පෙනී සිටි අතර එහිදී මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන මීගමුව , කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පොලිස් නිලධාරී උදය කුමාර මහතා අධිකරණය වෙත මෙම සිදුවීම සම්බන්ධව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කළේ මෙම සිදුවීම සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළ රස පරීක්ෂක වාර්තා ඇතුළුව සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව අතිරේක මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම සවිස්තරාත්මක වාර්තාව සමඟින් එළඹෙන 2026 වසරේ ජුනි මස 25 වන දින මෙම නඩුව යළි කැඳවන බවයි.
ඒ අනුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නඩුව එළඹෙන 2026 වසරේ ජුනි මස 25 වැනි දිනට
(25 / 06 /2026 ) කල් තබන ලදී.
පැමිණිලිකාර 24 හැවිරිදි තරුණිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනී සිටි අතර එම සැකකාර 21 හැවිරිදි තරුණයා වෙනුවෙන් නීතිඥ දුලිෂා විජේසූරිය මහත්මිය පෙනී සිටියාය.












