නත්තලත් විකුණයි! යුරෝපා නත්තල මීගමුවේදි රු 3000යි!

0
547

 

මීගමුවේ තිත්ත ඇත්ත හොයන්න,ලියන්න pageකාරයෝ නැතිවුනාට බිස්නස් වලට නම් මිගමුවේ නම දාගෙන හැටහුටාමාරක් page බිහිවෙලා.

මේ දවස්වල ලොකුම බිස්නස් එක නත්තල .

අසරණ මිනිස්සු සයිප්‍රස් ගස් ටිකක් අරන් ඇවිත්,පොඩි ගවලෙන් හදාගෙන ඇවිත් කියක් හරි හොයාගනිද්දි ලොකු බිස්නස් ප්ලැන් කරන අය දැන් යුරෝපා නත්තල කියල එකකුත් විකුණන්න පටන් අරන් .

වැඩේ කියන්නේ මේ වෙළදාම සිද්ද වෙන්නෙත් ලොකු නමක් තියෙන කතෝලික තැනක.

ලේසි නෑ .යුරෝපා නත්තලේ විකුණුම් මිළ පවුලකට නම්  රු 3000ක්ලු.වැඩේ කියන්නේ පුංචි රෝමෙට අඩුවෙලා තිබුනේ ඒ බිස්නස් එක විතරයි .දැන් ඒකත් හරි වගේ

කාර්දිනල් උන්නාන්සේද දන්නේ නැ විවෘත කරන්න එන්නේ..

නත්තල බිස්නස් එකක් කරගන්න එපා කියල කියන්නෙත් කතෝලික සභාවෙන්ම තමයි.හැබැයි දැන් ඒවත් වචන විතරයි.

මිගමුව කියන නම දාගෙන සමහර පේජ්කාරයෝ පහුගිය කා⁣ලේ රඟලා තිබුනෙම නත්තල් වෙළදාමට සෙට් වෙන්න තමයි කියල  තේරෙන්නේ දැන් තමයි.

මේ වැඩේ ගැන මාකස් ප්‍රියන්ත හොද සටහනක් ලියල තිබුන.FB IMG 1762969821534

 

ලංකාවට එන හැම එකක්ම එන්නේ නුහුරට.. යූරෝපයේ Chrismass Market හැදුනේ යූරෝපයේ ඒ ඒ ගම්මානවල ජීවත්වු ප්‍රාදේශීය නිෂ්පාදකයිගේ නිෂ්පාදනය විකුණා ගන්න.. අදත් යුරෝපයේ Chrismass Market වලදී යුරෝපයේ ඒ ඒ පලාත්වල නිෂ්පාදකයින්ගේ විවිධ නිෂ්පාදනය සාධාරණ මිලකට මිල දි ගන්න පුළුවන්. ඊට අමතරව නත්තල් සමයේදී නත්තල් සැනකෙළිත් (Christmas Carnival) යූරෝපයේ ඕනෑ තරම් තියෙනවා. Chrismass Market කියන්නෙයි, Christmas Carnival (නත්තල් සැනකෙළි) යි කියන්නේ දෙකක්.. මීගමුවේ මේ තියන්න යන්නේ මොක්කද කියලා මට හරියටම කියන්න දන්නේ නෑ..සමහරවිට දෙකේම සංකලනයක් වෙන්නත් පුළුවන්.. එත් එකෙන් අර යූරෝපයේ Chrismass Market කියන සංකල්පය නියෝජනය වෙන්නේ නෑ..

මාකස් ප්‍රියන්ත පෙරේර

11/11/25

මේ සටහනට ප්‍රතිචාරත් ලැබිල තිබුන

 

Screenshot 20251112 224609 com.facebook.katana Screenshot 20251112 224617 com.facebook.katana Screenshot 20251112 224627 com.facebook.katana Screenshot 20251112 224638 com.facebook.katanaScreenshot 20251112 224559 com.facebook.katana⁣මේ දැවැන්ත නත්තල් බිස්නස් එක ගැන මිගමුවේ කිතුණු නායකයෝ මොනවද දන්නේ නෑ කියන්නේ?

පී.එම්.ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here