පහුගිය දවස් වල අපි මතුකරපු සා.මරියා විදුහල පාසැල දැනට පරිහරණය කරන ඉඩම ගැන ඇති තතු නොදැන බුකියේ හිත හිතෙන දේ කොටන අයට අපි කියන්නේ ටිකක් මහන්සි වෙලා මේකෙ ඇත්ත නැත්ත හොයල බලන්න කියල.
එතකොට තේරෙයි එක පවුලක් ගහල තියෙන ගේම කොහොමද කියල.
ඇත්තටම ලංසල වැඩකරල තිබුනේ මේ එයාගේ තාත්තගේ කියල හිතාගෙන . ඒකනේ පුතාල හිතුන හිතුන අයට මේ විදියට වගේ වගක් නැතුව දිල තිබුනේ.
ආනන්ද මුණසිංහ නගරාධිපති වෙලා ඉන්න කාලේ නිමල් ලංසා ඉල්ලිමක් කරල තිබුන සා.මරියා විදුහලට නගර සභාවට අයත් කාමච්චෝඩේ පිට්ටනිය කාලෙකට ලබාදෙන්න කියල.
ඒ 2001 දි .
ඒ අනුව තමයි මුලින්ම අවුරුදු 22 කකට බද්දකට දෙන්නේ .බදු කිව්වට මේකට මුදලක් අයකරල නැ.
මේ ඉඩම මිගමුව මහනගර සභාවට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙකුන් ලැබුන ප්‍රධානයක්.ඒක අක්කර 1යි රූඩ් 2යි පර්චස් 30ක ඉඩමක්.
එහෙම ප්‍රධානයක් කාට හරි බදුදෙනව නම් විෂය භාර ඇමතිවරය වගේම ජනාධිපතිගෙන් අනුමැතිය අනිවාර්යය යයි කියල තමයි පළාත් පාලන නීතියේ තියෙන්නේ .
නමුත් මිගමුවේ ක්‍රියාත්මක වුනේ පළාත් පාලන නීතිය නෙමෙයිනේ.
ලංසා පවුලේ නීතියනේ.
කොහොම හරි මුලින් අවුරුදු 22 කට දුන්න මේ ඉඩම ආයේ තවත් අවුරුදු 10 කට දෙන්න කියල 2020.11.5 දායන් ලංසා නගර සභාවට යෝජනාවක් ගේනවා.සමහරු එහෙම දෙන එක ගැන ප්‍රශ්ණ කරල තිබුණත් අන්තිමට සභාවේ වාර්තාව ලියවුනේ ඒකමතිකව කියල.
ඔන්න පවුලේ නීතිය පළාත් පාලන නීතියටත් උඩින් ගිය හැටි.
මේක තමයි ඇත්ත.අනික ඔය ඉඩමේ තිබුන මාතෘ සායනය ඉතාමත් පැරණි එකක්.සා.මරියා ආදි සිසුවෝ කියල තිබුනේ ඒකත් අලුතින් හදල දෙනව කියල.මේ මාතෘ නිවාසයට දැන් මොකද වෙලා තියෙන්නේ?
කිසිදු බදු කොන්දේසියක් හෝ මුදලක් හෝ නොගෙවල තියෙන නගර සභා ඉඩමක තට්ටු ගොඩනැගිලි හදල තියෙන්නේ කොහොමද?කොහොම නීතිය නමල තියෙන හැටි. මේවට කතෝලික සභාවටත් නිගා දුන්න සමහර පියතුමන්ලත් වගකියන්න ඕනා.
අපි මේ ගැන ලිව්වම ඇවිස්සිලා එන මහත්තුරු අඩුම තරමේ මේ බදු ගිවිසුමක් කියන හාෆ්ෂිට් දෙකේ කොළ කෑල්ලවත් දැකල නැතුව ඇති.
දැන් ලංසාලගේ සහ එයාලත් කත් ඇදපු අයගේ කාලේ ඉවරයි.
දැන් අපි මේව නැවත නැවත ලියන්නේ පුනරුද පාලනය ඉක්මනින් මේ ඉඩම් සම්බන්ධයෙන් බය නැතුව නිසි පියවර ගත යුතු හින්ද
ජනාධිති අනුර කුමාර කිව්වේ නීතියට උඩින් කිසිවක් නැ.කියල.
ඒ හින්ද මිගමුවේ නගරාධිපති රොබට් හින්කෙන්දටත් කියන්න තියෙන්නේ දැන් තියෙන්නේ ෆිලේන්ද්‍රන් ලංසගේ හරි එයාලගේ පුතාල හරි පාලනයක් නෙමේ .මාලිමා පාලනයක් .
බය නැතුව දෙකට නැමෙන්න නැතුව මහ නගර සභාව සතු ඉඩකඩම් නොපමාව යළිත් මහනගර සභා පාලනයට ගන්න කඩිනම් පියවර ගන්න.ආගමික නායකයෝ පවා ඉන්නේ රටේ නීතියට පහලින් කියල හිතාගෙන වැඩකරගෙන යන්න.














