නගරයේ ආපනශාලා පිරිසිඳුද ?නැද්ද ?කෝ සහතිකේ?

0
877

 

( 11.30 am ) දෙවන සංස්කරණය  මිගමුව කියන්⁣නේ බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණුවන නගරයක්.

සංචාරක කර්මාන්තය , ධිවර කර්මාන්තය විශේෂයි.

වත්මන් රජයේ රජයේ ආදායම් වැඩිකිරිමේ වැඩසටහනේ සංචාරක කර්මාන්තයට ලැබිල තියෙන්නේ ප්‍රධාන තැනක්.

ලංසා පවුල් පාලනය නිසා මිගමුව අපිරිසිදු නගරයක් කියන ඍණාත්මක ආකල්පය සංචාරකයන් තුලින් දුරුකරන එක නගර සභාවේත් ප්‍රධාන වගකිමක්.

ලංසා පවුල් පාලනය යටතේ දශක ගණනාවක් පුරා මිගමුවේ ආපනශාලා වර්ගීකරණය කරනු ලබන H800 ක්‍රියාත්මක කරගන්න බැරිවුනා.PHI

දැන් වත්මන් මාලිමා පාලනයටත් මාස 6ක් ඉවර වෙන්න වෙනවා .හැබැයි සෞඛ්‍ය කමිටු සභාපති තමන්ගේ විෂයට අදාල ප්‍රධාන දේවල් වලට වඩා අනික් ඒව කරනව වගේ තමයි බුකිය දැක්කම හිතෙන්නේ.

කමක් නැ.ඒ ආසවල් එහෙමත් ඉස්ට කරගන්න ඉඩදෙන්න එපැයි.

කුණු,කාණු පාරවල් වලට තාර රදාන එක බැකෝ එලවන එකටත් වඩා මිගමුව නගරය පැත්තෙන් බැලුවොත් මේ ආපනශාලා වර්ගිකරණය ඉතාම වැදගත්.නගරයේ ආපනශාලා පිරිසිදුද ?නැද්ද ?කෝ සහතිකේ ?

වත්මන් නගරාධිපති රොබට් හීන්කෙන්ද මේ වැදගත්කම තේරුම් අරන් අවශ්‍ය කටයුතු සම්පාදනය කරයි කියල අපි හිතනව.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here