ලැදිකම් ,ගැතිකම් මත නොව ප්‍රතිපත්ති මත පදනම්ව මීගමුව යළි ගොඩනගමු.

0
420

 

මේ දවස් කිපය පුරාම අපි පළකරපු ප්‍රධාන පුවත් කීපයක් පිළිබදව දැඩිකථාබහක් නිර්මාණය වෙලා.

ඒ විතරක් නෙමේ දිනකට ලක්ෂ ගාණකට මේ පුවත් කියවන්න ලොකු උනන්දුවකුත් නිර්මාණය වෙලා.

විශේෂයෙන්ම සා.මරියා පාසැලේ ක්‍රීඩා පිට්ටනිය පිළිබද සංවාදය ඉතාමත් වැදගත්.

අපි මේ සංවාදය බුකියෙන් පිටතටත් ගෙනයා යුතුයි.

මිගමුවට ඇත්තට ආදරය කරන දේශපාලනට සම්බන්ධ හෝ සම්බන්ධයක් නැති අය පවා ඊට දායකත්වය දෙන එක වැදගත්.

එක දෙයක් කියන්න තියෙනව.

ලංකාව කියන්නේ පවුලක් පාලනය කරපු රටක්.මිගමුව කියන්නෙත් පවුලක් පාලනය කරපු නගරයක් .

දැන් මේ පවුල් දෙකයි එයා⁣ලාගේ දේශපාලනයයි ජනතා අරගලය විසින් මිට කලකට ඉහතදි පරාජය කලා.

මිගමුවේදි මිපුර අපිත් ඒ අරගලයට නායකත්වය දුන්නා.

මාලිමා  රජයක් , පාලාත් පාලන ආයතනත් දින්නේ ජන අරගලය විසින් නිර්මාණය කරපු ඒ  විභවය නිසා.මිගමුව ගැන කිව්වොත් ඒ තිබුන රැල්ලට පොල් ලෙලි දැම්මත් දිනනව කියන අර කතාව මරුවට සෙට් වෙනවා.

දැන් පේනවනේ මාස 6ක් ඉවර වෙන්න එනව.මහ සභාවකට යෝජනාවක් අරන් එන්න තරම් සමාජ දේශපාලන පරිචයක් නැති අය තමයි බහුතරයක් ඉන්නේ.

කමක් නැ.මොනව කරන්නද? ප්ලෙන් එකක් හදන්න කියල නගරාධිපතිට මයිනර් කෑලි ටිකක් ලැබිල තියෙනව.ඉතින් මොකද ඒ මනුස්සයා කරන්නේ.

දැන් තියෙන්නේ මිගමුව ⁣ගොඩනගන එක.

වැඩේ කියන්නේ ඒ සඳහා විභයත් සහිත නගර සභිකයන් මාලිමාවේ ඉන්⁣නෙත් ඉතාමත් අතලොද්සක්.අතිබහුතරයක් දෙනා පුස් චරිත.

මොකද කරන්නේ .එත් වැඩේ අතඅරින්න බෑ.මිගමුවට සැබැ සංවර්ධන සැලැස්මක් ⁣ගොඩනගන්න වගේම පුරවැසි සාමුහිකත්වයක් යටතේ ඒව ක්‍රියාත්මක කරන්නත් පුරවැසියන්ට  ලොකු වගකිමක් තියෙනව.

ලැදි කම් ගැතිකම් මත නෙමේ ප්‍රතිපත්ති පදනම් කරගෙන මිගමුව අළුතින් ගොඩනගමු.අපි හැමෝම ඒකට මහන්සි වෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here