
කැල්ටන් සමූහ ව්‍යාපාරය විසින් 15 වන වරට සංවිධානය කරනු ලබන ලේ දං දීමේ පිංකම අද මීගමුව බෝලවලාන ජනජයගම ශ්‍රී ජයසුදර්ශනාරාමයේදී පැවැත්විනි. මෙම සද්කාර්යය වෙනුවෙන් බෝලවලාන, ජන ජයගම, ශ්‍රී ජයසුදර්ශනාරාම විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය කයිකාවල ඤාණඛන්ති තිස්ස නායක මාහිමිපාණන් වහන්සේ සහ කැල්ටන් සමූහ ව්‍යාපාරයේ කාන්ති වික්‍රමසිංහ මහත්මිය , මහේෂ් නිශාන් සෝමචන්ද්‍ර මහතා සහ එම මහත්මිය,කැල්ටන් සමූහ ව්‍යාපාරයේ සේවක මණ්ඩලය සහභාගී වූහ.













