මිලියනයක් බලපු meepura news එක

0
577

ජනතාවගේ ජිවිත හා බැදුන ප්‍රශ්ණයක් පිළිබද මේ දිනවල අපි පුවත් ආවරණයක නිරතව සි⁣ටි.

ධනකුවේරකුට අයත් යැයි කියන හෝටලයකින් මංගල සාදවලදි ආහාර ගත් විශාල පිරිසකට ආහාර විසවිම පිලිබද අප මේ දිනවල දිගින් දිගටම කරුණු හෙළිදරව්ව කරමින් සිටින්නෙමු.

ආහාර විෂවිම් නිසා දැඩි පිඩාවන්⁣⁣ට පත් ජනයාගේ අදෝනාවන්ටද අපි කටහඬ දෙමින් සිටින්නෙමු.

මේ එක් පුවතක් කියැවු ගණන ඊයේ වන විට මිලියනද ඉක්මවා තිබුනි.InShot 20251214 152555134

තතු මෙසේව තිබියදි මිගමුව වෙරළ පිරිසිදු කිරිම සම්බන්ධයෙන් පැවැති ශ්‍රමදානයක් පිලිබද අප ලියු ලිපියක් පදනම් කරගනිමින් මිගමුවේ ප්‍රධාන පුරවැසියා ඔහුගේ තනතුරටද නොගැලපෙන “මඩ” ප්‍රකාශයක් නිවේදනයක් ලෙසින් පළකර තිබේ.

මේ ප්‍රකාශය හරහා හෙළිදරව්ව වි ඇත්තේ ඔහුගේ ආචාරධාර්මික බව සහ වෘත්තියභාවය පිලිබද ගැටලුවයි

මිගමුව සංචාරක සංගමය අප දන්නා තරමින් මිගමුවේ වෙරළ පිරිසිදු කිරිමේ කටයුත්තට ලොකු බරක් පමණක් නොව වැයක් දරමින් වැඩට බැස ඇති කණ්ඩායමකි.

නගරාධිපති හීන්කෙන්ද මෙ ගැන නොදන්නවා විය නොහැක.
කෙසේ වෙතත් නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු මේ ගැන වඩාත් හොදින් දන්නවා විය යුතුය.

නගර සභාවේ නම මාතෘකාවේ හයිලයිට් නොවිම සහ තවත් අවශේෂ කාරණා  අල්ලාගෙන හින්කෙන්ද නගරාධිපතිගේ නිල ෆේස්බුක් පිටුව යොදා ගනිමින් නිවේදනයක් නිකුත් කරන්නට තරම් ලාභ තැනට වැටි සිටිම සැබැවින්ම අභාග්‍ය සම්පන්නය

අනික මිගමුව අලුතිත් ගොඩනැගිමට තමන් සමඟින් සිටින අතිබහුතරයක් දෙනා අවැසි දැනුමෙන් හො අත්දැකිමෙන් සන්නද්ද වි නොමැති පසුබිමක නගරයෙ වියතුන් ව්‍යාපාරිකයන්ගේ සහය අනිවාර්යෙන්ම ලබාගත යුතු මොහොතක  ඔහු මේ ලියන්නේ කුමක්දැයි ඔහුම තේරුම් ගත යුතුව තිබේ.

ඔහු⁣ගේ දුර දිග බැලිමේ සහ සවිඥානක බවේ දිග පළල දැන් කදිමට අනාවරණය වි ඇති සැටියකි.

එය දැන් සළුපිලි ⁣ලිහා දමා එලියට පැමිණ ඇත.

අපට නගරාධිපති හින්කෙන්දට කියන්නට ඇත්තේ  ඔබ අන් කිසිවෙකුත් නොව මිගමුවේ ප්‍රධාන පුරවැසියා බවය.

ඔබගේ නිල පිටුව අවභාවිතා කර තිබිම ගැන නගරයේ ප්‍රධාන පුරවැසියා ලෙස ඔබ සැබැවින්ම ලැජ්ජා විය යුතුය.

මිපුරට එරෙහිව නගරාධිපති හීන්කෙන්ද කියා තිබුනේ අප පළකරන්නේ අවර ග⁣නයේ පුවත් බවය.

මේවාට කෙලින් පිළිතුරු දෙන ලෙස නීතිඥයෙකුද වන නගරාධිපතිට අපි අභියෝග කරමු.

01.ධනකුවේරයකුගේ හෝටලයක පැවැති විවාහ උත්සව සාදවලට සහභාගිවු විශාල පි⁣රිසකට ආහාර විෂවිම ගැන කතා කිරිම අවර ගනයේ පුවතක්ද?

02.මිගමුවේ බදු ගෙවන ජනයාගේ මුදල් රු ලක්ෂ 30 ක් පමණ වැයකරමින් හිටපු නගරාධිපති දායන් ලංසා මිළට ගත් කැමරාව , උපාංග සහ පරිඝණක අස්ථානගත කොට තිබිම ගැන අපි ලියු පුවත් අවර ගනයේ ඒවාද ?

03.පවුලකට දශක ගණනාවක් පුරා ආදායම් සපයන එහෙත් නගර සභාවට තවමත් අත්පත්
කරගත නොහැකිව ඇති බිච් පාක් එක ගැන අප කළ හෙළිදරව් කිරිම් අවරගනයේ පුවත්ද? (බිච් පාක් එක ගැන නඩුවක් පවතින හෙයින් මගෙන් අහන්නට එපා අනික් ඕන දෙයක් ගැන ලියපල්ලා යැයි අපෙන් පුද්ගලිකව  කළ ඉල්ලිම නිසා අපි පසුගිය දිනවල ඒ ගැන ප්‍රවෘත්ති පළනොකලෙමු.)

04.කඩොල් කෑලේ සමිපයේ ඇති අක්කර 2 කයි රූඩ් එකයි පර්චර්ස් 11 ක නගර සභාවට අයත් ඉඩම ලංසාල සිය හිතුවතුන්ට ලබා දි තිබිම සහ ඉන් කිසිදු ආදායමක් නොලැබිම ගැන අප කළ හෙළිදරව්ව අවරගනයේ පුවතක්ද?

05.කසල අංගනයක් වෙනුවෙන් යැයි කියා මහසභාවට අයත් ඉඩමක සභා අරමුදල්ද ලක්ෂ 75 කට ආසන්න මුදලක් කබාසිනියා කර ඇති ගොඩනැගිල්ල විනාශයට යමින් තිබිම ගැන අප කර ඇති මතුකිරිම අවරගනයේ පුවතක්ද?

06.මිගමුව මහනගර සභාවට අයත් කාමච්චෝඩේ ක්‍රිඩා පි⁣ටිය ලංසාලගේ හිතවත්කම මත කිසිදු මුදලක් අය නොකරමින් සා.මරියා විදුහලට ලබාදි තිබිම ගැන කරුණු මතුකිරිම අවරගනයේ පුවතක්ද?

07.කාමච්චොඩේ තවමත් විවෘත කර නොමැති ලක්ෂ 150කට වැඩ මුදලක් වැයකරමින් ඉදිකර ඇති ගොඩනැගිල්ල ගැන මතුකිරිම අවරගනයේ පුවතක් වන්නේ කෙසේද?

08.අනවසරව ඉදිකර ඇති පෙට්ටි කඩයක්වත් තවමත් ඉවත්කරගැනිමට නොහැකිව තිබිම සහ ලංසා පවුල මිගමුව එහෙම පි⁣ටින්ම අනවසර ඉදිකිරිම් වලින් පුරවා තිබිම නිරන්තරයෙන්ම ප්‍රශ්ණ කිරිම අවරගණයේ පුවතක් වන්නේ කෙසේද?

09.නීතියට වෙට්⁣ටු දැමු නිලධාරින් ගැන සහ ඩඩ්ලි මාර්කට් ගොඩනැගිල්ලේ දූෂිත තතත්වයන් ගැන නිරන්තරයෙන්ම මතු කිරිම අවරගනයේ පුවතක් වන්නේ කෙසේද?

10.පාකින් නැතිව මිගමුවේ ඉදිවෙන ගොඩනැගිලි ගැන නිරන්තරයෙන්ම කරනු ලබන ප්‍රශ්ණ කිරිම් අවරගනයේ පුවත් වන්නේ කෙසේද ?

11.මුදල් ගසා කෑම වෙනුවෙන් කසල අංගන අටවපු දයාන් ලංසා ගැන සෞඛ්‍ය කමිටු ලොක්කොත් නිහඬව සිටිදි අප නිරන්තරයෙන්ම ඒ ගැන ප්‍රශ්ණ කිරිම අවරගනයේ ප්‍රවෘත්ති වාර්තාකරණයක්ද?

12.කාණු ,පාරවල් සුද්ද කරන ගමන් මිගමුවම සුද්ද කළ ලංසාලා ගැනත් හොයන්න යැයි අප කරන ප්‍රශ්ණ කිරිම අවරගනයේ පුවත් වන්නේ කෙසේද?

13 නගර සභා ශ්‍රවණාගාරයට රු කෝටියක් වැය කර පුටු මිලදි ගැනිම ගැන අප කළ ප්‍රශ්ණ කිරිම අවරගනයට වැටෙන්නේ කෙසේද?

14.කාමච්චොඩේ මි උණ රෝගය ව්‍යාප්තවිම ගැන අප මතුකරන ලද කරුණු අවරගනයේ පුවත් වාර්තාකරණයක්ද?

15.පාරවලුත් හදන්න බදු මුදල් වංචා කළ දුෂිතයන් ගැනත් හොයන්න යැයි අප නිරන්තරයෙන්ම කරනු ලැබු මතුකිරිම් අවරගනයේ පුවත් යැයි කිවහැක්කේ ලංසාලාගේ බඩියන්ටය.ඒ අනුව ලංසාගේ කරේ අත දාගෙන ඉන්නේ කව්දැයි  ⁣තේරුම් ගත යුතුව ඇත.

16 අප පලකරන්නේ අවර ගනයේ පුවත් නම් මිගමුවේ පුරවැසියන් අපට නිරන්තරයෙන්ම පුවත් සහ තොරතුරු සපයයිද? මිගමුවෙන් මෙන්ම පිට පළාත් වලින්ද දැන් පුරවැසියන් අපට පුවත් ලබාදෙමින් සිටින්නේ ඇයි ? අප පලකරන්නෙ අවරගන⁣යෙ පුවත නම් ඔවුන් එසේ කරයිද?

17 මිගමුව නැවත ගොඩනැගිම ගැන අප අරභා ඇති සංවාද මාලවට මිගමුවේ වැදගත් පුද්ගලයන් දැනටමත් එක්කර ගනිමින් ඔවුන්ගේ අදහස් සංවාදයට ලක් කරමින් තිබේ. .ඒ තුලින් ඉතාමත් වැදගත් සංවාදයන්ද මතුව තිබේ.අප ලියන්නේ අවරගනයේ පුවත් නම් ඒ අය අප හා එක්වෙයිද ?

18.මීගමුවේ ආපනශාලා වර්ගීකරණය කරන H 800ගැන අපි නිරන්තරයෙන්ම මතුකරන්නෙමු.ඒවා අවරගනයේ පුවත් වන්නේ කෙසේද

19 මිගමුව නගර මධ්‍යයේ පිහිටි තැඹෑරුම්වත්තට අදාලව ලංසා පවුල සිදුකර ඇති දුෂණ වංචා ගැන කතා කිරිම අවරගනයේ ඒවා ලෙස හැගෙනු ඇත්තේ ලංසාලාට සහ ඔවුන්ගේ බඩියන්ටය.

20.මිගමුවේ ක්‍රිඩා පිට්ටනි අව භාවිතා කිරිම ගැන අප කර ඇති අනාවරණයන් අවරගනයේ පුවත්ද?

.අපට එකක් පැහැදිලිය .නගරාධිපති හින්කෙන්ද ඇතුලු වැඩබැරි ටාසන් මන්ත්‍රිලා හතර පස් දෙනෙකුට මිපුර දිනපතා පලකරනු ලබන පුවත් අවරගනයේ ඒවා ලෙසින් ඔලුවට වදිනු ඇත්තේ මේ සෑම පුවතක් හරහාම මේ අයගේ නොහැකියාව මතුවි පෙනෙන නිසා විය හැකිය .

පුනරුද පාලනය පත්වි මාස 6ක් ගියද කානු සුද්ද කිරිම කුණු ඇදිම ඇරෙන්නට සිදුවු දෙයක් නැතැයි පොදු ජනයාම දැන් කියන්නට පටන් ගෙනය.

තවත් එක් දෙයක් නගරාධිපතිවරයා වෙත කිව යුතුව තිබේ.අප පළකරනු ලබන්නේ අවරගණයේ පුවත් නම් එක් දිනක් තුල ලක්ෂ 20 අපේ පුවත් කියවන්නට සම්බන්ධ වන්නේ කෙසේද?

ඊයේ සිට අද දක්ව කාලය තුල meepura views ලක්ෂ 20කින් වැඩවි ඇත.මසක් තුල meepura views ලක්ෂ 160කි.InShot 20251214 140618406

ඉතින් අප ඔබට කියන්නේ කුහක නොවි ඇත්ත පිලිගන්නා ලෙසය.

නගරාධිපති හීන්කෙන්දලා මේවා ගැඹුරින් ⁣තේරුම් කරගත යුතුව ඇත.

වලංකාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයෙකුට එක දවසකි.

වලන්කාරයා කව්ද? පොලුකාරයා කව්දැයි තේරුම් ගැනිම නගරාධිපතිට අපි භාරකරමු.

අප පළකළ පුවත

මීගමුව සංචාරක සංගමයේ ශක්තිය වෙරළ පවිත්‍ර කිරීමට යොදවයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ගම්පහ දිස්ත්‍රික් දිසාපතිවරයාගෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව අද (12/12/2025) උදැසන පටන් රාත්‍රිය දක්වාම මීගමුව ⁣මුහුදු වෙරළ තීරය පවිත්‍ර කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කෙරිණි.
ඒ අනුව ගම්පහ දිසාපතිවරයා විසින් මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ප්‍රදේශීය ලේකම්වරියගේ සහ මීගමුව නගරාධිපතිවරයාගේ මුලිකත්වය මත මෙම වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුනේ
” මීගමුව සංචාරක සංගමය” (Negombo Tourists Association -NTA) විසිනි.

මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන සඳහා මීගමුව මහා නගර සභාවේ සෞඛ්‍ය අංශ සේවකයන්, මෙන්ම මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියගේ විශේෂ ඉල්ලීම මත ගුවන් හමුදා භටයන් 30 දෙනෙකු ඇතුළු 60 දෙනෙකුගෙන් පමන සැදුම්ලත් පිරිසක් මීගමුව මුහුදු වෙරළ තීරය පවිත්‍ර කිරීමේ මෙම විශේෂිත වැඩසටහනට සහභාගී වුහ.
මෙම වැඩසටහනේ ආරම්භක අවස්ථාවට මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය සහ මීගමුව සංචාරක සංගමයේ සභාපති ,ඒ. වර්ණකුමාර මහතා ඇතුළු ආරාධිතයින් පිරිසක් සහභාගී වුහ.
මෙවැනි වෙරළ පවිත්‍රතා වැඩසටහන් සහ වෙනත් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීමේදී ඒවා මනා ලෙස සංවිධානය කරන මීගමුව ප්‍රදේශයේ පුරෝගාමී සංවිධානයක් ලෙස ප්‍රකට මීගමුව සංචාරක සංගමයේ සහාපති ඒ.වර්ණකුමාර මහතාගේ සහ එම සංගමයේ සෙසු සමාජික සාමාජිකාවන්ගේ දැඩි කැපවීම මෙම වැඩසටහනේදීද වඩාත් කැපීපෙනුණි.
මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන සඳහා මීගමුව සහකාර ප්‍රදේශීය ලේකම් මැනික් සේනානායක මහත්මිය , මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීකෂක ගුණරත්න මහතා, සහ සමුද්‍රීය පරීක්ෂණ හා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීහු පිරිසක් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද සහභාගී වුහ.

නගරාධිපතිගේ නිල ෆේස් බුක් පිටුවේ පළකර තිබුන නිවේදනය

මීගමු පුරවැසියන්ගේ අවදානය පිනිසයි !

ඊයේ දින නම් 2025.12.12 වැනි දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ මීගමුව මහ නගර සභාවේ මූලිකත්වයෙන් සහ කැදවීමෙන් මීගමුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රම දානයක් පැවැත්වුණි. ඒ සඳහා ගුවන් හමුදාවේ බට පිරිස් සහ මීගමුව මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයන්ද මීපා ආයතනයේ සේවකයන්ද ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහ ගරාධිපතිතුමාගේ කැඳවීම මත සහභාගි වූහ. නමුත් එය මීගමුව සංචාරක සංගමයේ සභාපති විසින් සංවිධානය කළා වැඩසටහනක් ලෙස හුවා දක්වමින් “මී නිවුස්” සමාජය නොමග යවමින් සිටී.
මී news පළකරන සියලු දැන්වීම් මෙවනි අසත්‍ය සහ සමාජය නොමග යවන සුළු ඒවා බව මීපුර වැසියෝ හොදින් දනිති.

පොදුවේ සංවිධානය කරනු ලබන මෙවැනි වැඩසටහන්වලදී ඕනෑම පුරවැසියෙකුට සහභාගී වීමට සහා දායකත්වය දැක්වීමට හෝ ඡායාරූපයක් ගැනීමට බාධාවක් නැත.

එහෙත් අසත්‍ය කරුණු හුවා දක්වමින් වැරදි ප්‍රචාර ගෙන යාම යහපත් පුරවැසියෙකුට නොවටී.

මී news හී පල වන අනෙකුත් පලකිරීම්ද මෙවැනි අවර ඝණයේ හුදු පල කිරීම් මිස කිසිදු ප්‍රවෘතිමය වටිනාකමක් ඇති ඒවා නොවන බව දන්නෝ දනිති.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here