අපදාවට පත් ජනතාවට ලබාදිම සඳහා මිගමුව මහනගර සභාවට ලබාදි තිබුන අධාර බොහොමයක් තවමත් කාමර වලට රදවා තබාගෙන ඇති බවට තොරතුරු පසුගිය දිනවල වාර්තා වි තිබුණි.
මේ හේතුව නිසා අල,ලුණු වැනි දෑ මුල් ඇද පැලකළහැකි තත්වයකට පත්ව ඇත.
මේ අතර රජය අද උදෑසන රජයෛ විගණන අංශයද මේ
තත්වය විමර්ශනය කිරිමට පැමිණ තිබුන බවද වාර්තාවේ .ලැබෙන ආධාර මෙහෙයවිමේ කටයුතු මාලිමාවේ මන්ත්‍රිවරියක් විසින් සිදුකරනු ලබන බව ඇවින් මිපුර වෙබ් අඩවියේ පුවතකට ප්‍රතිචාර දක්වමින් බුකියේ සටහන් කර තිබුණි.
මේ අතර negombotoday වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් නගරාධිපති හීන්කෙන්ද පවසා තිබුනේ නිලධාරින් සහ මහජන නියෝජිතයන් සමග සිදුකල සාකච්චා වලදී එකගවූ පරිදි වියලි අහාර මලු බෙදා හැරීම සිදුකලා අනකුත් බඩු බාහිරාදිය බෙදාදීම නිවාස පිරිසිදු කිරීම අවසන් වනතුරු කල්දැමීමට කටයුතු කළා.
එසේ කලේ මඩ ගොහොරුවක් බවට පත්වූ නිවසකට ලබා දෙන කොට්ට මෙට්ට ආදිය එම අවස්ථාවේදී ඔවුන්ගේ නිවෙස් තුල ප්‍රයෝජනයට ගැනීමට හැකියාවක් නොතිබූ නිසා බවත් ඔහු අවධාරණය කර තිබුණි.
කෙසේ වෙතත් මේ දිනවල නගර සභාවේ උණුසුම් පුවතක් බවට පත්ව ඇත්තේ මන්ත්‍රි කාමරය තුල ගබඩා කරඇති, නිසි කලට බෙදා දිමට නොහැකි විම හේතුවෙන් පැලවි ඇති රටළුණු සහ අර්තාපල් පිළිබඳවය.












