ගංවතුරෙන් පීඩාවට පත් ජනයාට මීගමුව කලාපීය කතෝලික බලමණ්ඩලයේ අතහිත

0
524

 

පසුගියදා මෙරටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් වු මීගමුව සහ ඊට තදාසන්න ප්‍රදේශ වල ජනතාවට සහල් ඇතුළු වියලි සලාක ප්‍රදානය කිරීමේ වැඩසටහනක් මීගමුව කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී , ඊයේ (19/12/2025) සවස පැවැත්විණි.
මීගමුව කලාපීය කතෝලික බල මණ්ඩලය මගින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේදී රුපියල් 5000 ක් පමණ වටිනා සහල් ඇතුළු වියළි සලාක පාර්සල් 180 ක් පමණ ප්‍රමාණයක් ගංවතුරෙන් පීඩාවට පත් මීගමුව කලාපයේ තොරාගත් පවුල් ගණනාවකට සහ ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මීගමුව කලාපයෙන් පිට ප්‍රදේශ වන බඩල්ගම, මඩම්පැල්ල, හල්පේ, බම්බුකුලිය, තෝප්පුව, පල්ලන්සේන සහ දුවන වැනි ප්‍රදේශවල තෝරාගත් පවුල් රැසක් සඳහාද මෙම සහල් ඇතුළු වියලි සළාක පාර්සල් බෙදා දින ලදී.
මෙම වියලි සලාක බෙදා දීමේ වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ, කොළඹ කලාපයේ සහායක රදගුරු හා මීගමුව කතෝලික කලාපය භාර රදගුරු වන ගරු මැක්ස්වෙල්ඩ් ග්‍රැන්විල් සිල්වා රදගුරුත්මන්ය. එලෙසම මීගමුව කලාපීය කතෝලික බල මණ්ඩලයේ ආරාධනයෙන් , මීගමුව කතෝලික කලාප නාහිමි ගරු ශාන්ති කුමාර වැලිවිට පියතුමා, මීගමුව දිසා නායක ගරු සාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා , මීගමුව විජයපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ගරු පූජ්‍ය දෙල්වල අංගිරස ස්වාමීන් වහන්සේ සහ මීගමුව, මුස්ලිම් දේවස්ථානයේ ගරු අබ්දුල් රහුමාන් මවුලවිතුමන් ඇතුළු තවත් කතෝලික පීතුතුමන්ලා පිරිසක්ද මෙම වැඩසටහන සඳහා සහභාගී වුහ.IMG 20251220 WA0020 IMG 20251220 WA0028 IMG 20251220 WA0021 IMG 20251220 WA0024 IMG 20251220 WA0022 IMG 20251220 WA0031 IMG 20251220 WA0030 IMG 20251220 WA0029 IMG 20251220 WA0026 IMG 20251220 WA0025 IMG 20251220 WA0027 IMG 20251220 WA0023

ආරාධනා ලැබ මෙම වැඩසටහනට පැමිණ සිටි ගරු රදගුරුතුමන් ඇතුළු සියලු ආගමික පූජකවරුන් මෙහිදී කෙටි දෙසුම් පැවැත්වූ අතර මීගමුව කලාපීය කතෝලික බල මණ්ඩලයේ සාමාජිකයන් කිහිපදෙනෙකුද සභාව ඇමතිය.

මීගමුව කලාපීය කතෝලික බල මණ්ඩලයේ සභාපති එම්මානුවෙල් පියුම්වර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේ ජේසුතුමන්ගේ උපත සිහි කරන නත්තලේ අසිරිය පීඩාවට පත් වී සිටින අපේම ජනතාව සමඟ මෙලෙස බෙදා හදාගන්නට දේශීය සහ විදේශීය හිතවත් දානපති පිරිසකගේ මූල්‍ය දායකත්වයෙන් වියලි සළාක පාර්සල් ප්‍රදානය කිරීමේ මෙම වැඩසටහන මෙලෙස සංවිධානය කළ බවයි. ඒ අනුව ජාති , ආගම් භේද වැනි කිසිදු භේදයක් නොමැතිව ගංවතුරෙන් පීඩාවට පත් මීගමුව ප්‍රදේශයේ සහ මීගමුවට තදාසන්න ගංවතුරෙන් පීඩාවට පත් තෝරාගත් පිරිසකට මෙලෙස සහල් ඇතුළු වියලි සලක පාර්සල් බෙදා දෙන බවද ඔහු ප්‍රකාශ කළේය . ඒ අනුව ඔහු වැඩිදුරටත් පැවසුවේ රුපියල් 850,000ක් පමන වන වටිනාකමින් යුත් සහල් සහ වියළි සලාක මෙලෙස තම සංවිධානය වන මීගමුව කලාපීය කතෝලික බල මණ්ඩලය මගින් අද දින ප්‍රදානය කරන බවයි.
එලෙසම මීගමුව කලාපීය කතෝලික බල මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක්ද මෙම වැඩසටහනට සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here