ගජමුතු 2 කක් සමඟ තුනක් මාට්ටු ?

0
286

ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මාවනැල්ල ප්‍රදේශයේ දී රුපියල් කෝටි ⁣දෙකකට අලෙවි කිරීමට සූදානම් වූ ගජමුතු දෙකක් සමග සැකකරුවන් තිදෙනෙක් ඊයේ දින (05) අත්අඩංගුවට ගත්තා.

ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් හා වනජීවී නිලධාරීන් විසින් උපක්‍රමශීලීව මෙම ගනුදෙනුකරුවන් පසුපස හඹායමින් මාවනැල්ල මුස්ලිම් දේවස්ථානය ආසන්නයේ දී අත්අඩංගුවට ගත්තා.

එම සැකකරුවන් සහ ගජමුතු අත්අඩංගුවට ගැනීමෙන් පසු කුරුණෑගල සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට රැගෙන ආ අතර පසුව අද දින (06) මාවනැල්ල බල ප්‍රදේශයට අයත් අරනායක සංචාරක අධිකරණයට ඉදිරිපත් කළා. ගරු මහේස්ත්‍රාත් විසින් සැකකරුවන් එක් අයෙකුට ශරීර ඇප රුපියල් ලක්ෂ 04 බැගින් නියම කළා. එළඹෙන පෙබරවාරි මස 03 වන දින නඩුව නැවත කැඳවීමට නියමිත යි.

මෙම වැටලීම අනුරාධපුර හා කුරුණෑගල වනජීවී සහකාර අධ්‍යක්ෂවරුන්ගේ උපදෙස් අනුව අනුරාධපුර සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් , කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් මෙන්ම රිටිගල අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් සහභාගි වූ අතර මීරිගම ගුවන් හමුදා නිලධාරීන් හා විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද සම්බන්ධ වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here