පළාත් පාලන ආයතන වල ටෙන්ඩර් ක්‍රියාවලිය කියන්නේ ඉතින් ගේම් තමයි.
කලින් තිබුන පාලන සමයේ එයාලට ඕන කෙනාට ලැබෙන කම්ම ඉතින් වංගමයි
දේශපාලකයන්ගේ ඕන පදේකට නටන්න තමයි බහුතරයක් නිලධාරීන් පවා සැදි පැහැදි ඉන්නේ
හැබැයි දැන් වෙනස්
වංගු ගහන්න තියෙන ඉඩ දේශපාලන අධිකාරිය විසින්ම අහෝසි කරල තියෙන්නේ .
හැබැයි ඉතින් බහුතරයක් නිලධාරීන් නම් බලන්
ඉන්නේ කොයි වෙලේ හරි චාන්ස් එකක් ආවොත් එකෙන්ම වංගුවක් ගහන්න.
මිගමුවේ පොල ටෙන්ඩරය කියන්නේ හැමදාමත් පුවත් මවන තිරාණාත්මක එකක්.
කොටින්ම කියනවනම් මිගමුවේ එක්තරා පුද්ගලයෙකු නමට ඉදිරියෙන් තියෙන්නෙත් මේ පොළ කියන වචනේ.
හැබැයි මෙදා සැරේ පොළ ටෙන්ඩරය ගැන පොඩි පොඩි කතා ටිකක් එහා මෙහා වෙලා තිබුන
මාලිමාවේ මන්ත්‍රීල දෙතුන් දෙනෙක්ගෙ නම් එහෙමත් ඒ කසුකුසුව අතර තිබුන.
ඒ කියන්නේ එයාලට
හිතවත් කට්ටියට පොල ටෙන්ඩරය අරන් දෙන්න ට්‍රයිකරනව කියල
වැඩේ කියන්නේ කොාහාමත් කතා හැදෙනව කසුකුසු යනව. .
කොහොම හරි ට්‍රයි එකක් දුන්නත් වැඩේ ගොඩදාගන්න බැරිවෙලා
හැබැයි මෙහෙම එකකුත් තියෙනව.
මේ සමහර මාලිමා මන්ත්‍රීලාගේ ඥාතින් පවා දැනටමත් මේ ටෙන්ඩර් ගේමට
අතදාල ඉන්නේ.
අනාගෙන චොර කරගත්තු ඒවත් තියෙනව හරිය නත්තල් ලයිට් ටෙන්ඩරය වගේ
නමුත් යාළු මිත්‍රකම් නෑ කම් වෙනයි දේශපාලනය වෙනයි.
ඒ විතරක් නෙමෙයි මාලිමාව කිව්වම සමාජය ලොකු දෙයක් බලාපොරොත්තු වෙනව.
කොටින්ම කියනව නම් කට්ටියක් එක්ක කන බොන තැනක පවා හැසිරෙන විදිය ගැන සිරාවටම කල්පනා කරන්න ඕනා
බ්‍රෙක් නැතිවෙලා කොන්ට්‍රොල් නැතිවුනොත් සොරිම තමයි ඉතින්.එහෙම බ්‍රෙක් නැතිවෙන අයත් ඉන්නවලු.කමක් නැ මිනිස්සුනේ..












