ලංසාගේ තාත්ත ලක්ෂ 45 කට විකුණපු නගර සභා පාර ආයේ පවරගන්නේ නැද්ද?

0
402

මිගමුවේ නගර සභා සාප්පු සංකිර්ණයේ බෞද්ධ මන්දිරය පැත්තේ ඇති කොටසේ කඩවලට පරිහරණය කිරිම සඳහා තිබුන පාර දැන් ඔවුන්ට අහිමිව ඇත.

එය⁣ට හේතු වි තිබුනේ නිමල් ලංසා නගරාධිපතිවරයාව සිටි සමයේදි ඔහුගේ පියා විසින් මේ පාර කිසියම් පුද්ගලයෙකුට රු ලක්ෂ 45 කට අලෙවි කර තිබිම නිසාය.

එය විකුණා තිබුනේ මේ පාරට යාබද ඉඩමක හිමිකරු වන සිල්වා නැමැත්තෙකුට බව දැනගන්නට ඇත.

මුදල් ගෙවා මේ පාර ලබාගත් පුද්ගලයාද දැන් මිය ගොස් ඇති මේ දෙපල දැන් පරිහරණය කරනු ලබන්නේ ඔහුගේ දරුවන් විසින් බවද සැලය.

මේ අතර භූමිය අයිති කොටසද මේ වන විට කමර්ෂල ක්‍රෙඩිට් ආයතනයට විසින් පරිහරණය කරමින් ඇතැයි තතු දන්නෝ පවසා සිටිති.

කමර්ෂල් ක්‍රෙඩිට් ආයතනය මේ වන විට මෙම භුමියේ නව ඉදිකිරිමක්ද සිදුකරමින් පවති.

ඒ අනුව ලංසා⁣ගේ පියා විසින් විකුණා දැමු සාප්පු සංකීර්ණයේ පරිහරණය සඳහා තිබුන දැන් කමර්ෂල් ක්‍රෙඩිට් ආයතනය හිමිව ඇතිද යන සැකයක්ද පවති.

මිගමුව මහනගර සභා⁣වේ දේපල කමිටුව අඩුම තරමින් මේ
කුප්‍රකට ගණුදෙනුව ගැන දන්නා වාදැයි අපි නොදනිමු.

කෙසේ වෙතත් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බව පමණක් අවධාරණය කර සිටිමු.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here