මිලාන් ප්‍රියදර්ශන පියතුමාට පහරදීමේ සිදුවීමට අදාළ පොලිස් නිලධාරීන් 06 දෙනා ඇප මත මුදා හැරේ. ..

0
516

.

පසුගිය 24 වැනි දින රාත්‍රී කිරිඳිවිට ප්‍රදේශයේදී ගම්පහ පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් පිරිසක් විසින් ගරු මිලන් ප්‍රියදර්ශන නමැති කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් 06 දෙනා ඇපමත මුදා හරින ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් සීලනි පෙරේරා මහත්මිය නියෝග කලාය.

ඒ, ඊට අදාළ නඩුව අද දින (29/01/2026) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

එහිදී මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ එක් පොලිස් නිලධාරියෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප මත මුදහරින ලෙසයි.

එලෙසම එම සැකකාර පොලිස් නිලධාරින් 06 දෙනාගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර ඔවුන්ගේ වැඩතහනම ද තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කලාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් 06 දෙනා සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුව ද අද දින පැවැත්වූ අතර එහිදී මිලන් ප්‍රියදර්ශන පියතුමා විසින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් එක් අයෙකු තමාට පහර දුන් බව ද, පියතුමා විසින් මහෙස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

සෙසු නිලධාරින් දෙදෙනා ඒ අවස්ථාවේදී ඒ අසල සිටි අය බවට ද පියතුමා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මිලාන් ප්‍රියදර්ශන පියතුමන් හට පහරදීමේ සිදුවීමට අදාල මෙම නඩුව නැවත එළඹෙන අප්‍රේල් මස 30 වැනිදා (30/04/2026) යළි කැඳවීමට ද ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් අද දින නියෝග කලාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here