දැන් කාලයක් තිස්සේ දූව ලෙල්ලමට එන මාළු තොග වල ලොකු අඩුවක් තියෙනව.විශේෂයෙන්ම විවිධ වර්ගවල කුඩා මාළු මේ අතර විශේෂයි.
මේ හිඟයට හේතුවක් හැටියට කියන කාරණයක් තමයි මේ රජය මාදැල් කර්මාන්තයට ආදලන පනවල තියෙන නීති රෙගුලාසි ටික.
මාදැල් හිමියෝ කියන විදියට මිට කලින් කරා වගේ මිනිස් ශ්‍රමය මත මාදැල් වටකරන එක අමාරුවෙලා තියෙනව
මිනිස් ශ්‍රමයේ හිඟකම
හින්ද
මේකට විකල්පයක් හැටියට තමයි මාදැල් අදින්න ට්‍රැක්ටර් භාවිතව යොදාගැනුනේ.
මේකෙත් ක්‍රම දෙකක් තියෙනව
එක ක්‍රමයක් තමයි
මාදැල ට්‍රක්ටරයට ගැටගහල වැල්ලදිගේ ඇදගෙන යන එක.මේකෙන් වැල්ලට ලොකු බලපැමක් වෙනව කියන චෝදනාව හරි.එහෙම වෙනව.
අනික ක්‍රමය තමයි ට්‍රැක්ටර් එක තැන තියෙනව එතන යාන්ත්‍රික කි්‍රයාවලියක් සිද්දවෙනව ඒ මාර්ගයෙන් තමයි මාදැල ඇදෙන්නේ.රින්ච් එකෙන් මාදැල අදිනව කියල තමයි කර්මාන්තයේ යෙදෙන අය කියන්නේ .
ආණ්ඩුව මේ ක්‍රම දෙකම දැන් තහනම් කරල.
කොහොම හරි මේ හින්ද දැන් දැන් ටික කාලෙක ඉදන් දූව ලෙල්ලම දිගටම මසුන් තොග පැමිණිමේ ලොකු අඩුවක් දකින්න තියෙනව
මාදැල් කර්මාන්තයේ නියැළෙන අය කියන්නේ රින්ච් එක භාවිතා කරල මාදැල අදින ක්‍රමයට ඉඩ දෙන්න කියල.
මා දැල් කර්මාන්තය සදහා යොදා ගන්නා “ට්‍රැක්ටරයට සවි කරන වින්ච් යන්ත්‍රය” නීතිගත කිරීමට හෝ ඒ සදහා විකල්පයක් හදුන්වා දීමට රජය කටයුතු නොකළහොත් ඉදිරියේදී එම කර්මාන්තය කඩා වැටීම පාලනය කළ නොහැකි බව සමස්ථ ලංකා මා දැල් කර්මාන්තකරුවන්ගේ සමුපාකාර සමියේ සාමාජිකයින් කියා තිබුනේ .
පසුගිය වසරේ නොවැම්බර් 14 වැනිදා හලාවත – මහවැවදී පැවති මාධ්‍ය හමුවකදි.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සමස්ථ ලංකා මාදැල් කර්මාන්තකරුවන්ගේ සමුපාකාර සමිතියේ ලේකම් දිල්රුක් ප්‍රනාන්දු මේ කාරණේ මේ විදියට අවධාරණය කරල තිබුන
.
මේ වන විට අපේ රට තුළ මා දැල් 889 ක් ලියාපදිංචි කරලා තියනවා.මෙම මා දැල් ආශ්‍රිතව සෘජුව සහ වක්‍ර ලෙස පවුල් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. අතීතයේදී මා දැලක් මුහුදේ ඉදලා ගොඩට ඇද්දේ මිනිස් ශ්‍රමය භාවිතා
කරලා. ලෝකය දියුණු වෙන කොට අපිත් ඒ සමග ඉදිරියට යන විට මා දැල් ඇදීම සදහා “ට්‍රැක්ටරයට සවි කරන
වින්ච් යන්ත්‍රය” මීට වසර 15 කට පමණ පෙර හදුන්වා දුන්නා.මෙම යන්ත්‍රය භාවිතා කිරීම තුළින් පහසුවෙන් මා දැලක්
මුහුදේ සිට ගොඩ බිමට ඇද ගන්න පුළුවන්.මේ ආකාරයට යන්ත්‍ර යොදා ගෙන මා දැල් ඇදීම
පෘතුගාලය, ඉන්දියාව වැනි රටවල් වලත් කරනවා.
“ට්‍රැක්ටරයට සවි කරන වින්ච් යන්ත්‍රය” නීතිගත කරන්න,එසේත් නැත්නම් ඒ වෙනුවට විකල්පයක් හදුන්වා දෙන්න කියලා අපි පසුගිය රජයවල් වලින් ඉල්ලීමක් කලා.ඒ පිළිබදව වන ඉල්ලීම් ලිපියක් වත්මන් ජනාධිපතිවරයාටත්
බාර දී තිබෙනවා.එවන් වටපිටාවක් තුළ ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා
දිවයිනේ සියළුම සහකාර ධීවර අධ්‍යක්ෂකවරුන් වෙත ලිපියක් යොමු කරමින් දැණුම් දී
ඇත්තේ “ට්‍රැක්ටරයට සවි කරන වින්ච් යන්ත්‍රය” මාදැල් කර්මාන්තයට යොදා ගැනීම දෙසැම්බර්
31 වැනිදා සිට තහනම් කියලයි..
අපි කියන්නේ වින්ච් යන්ත්‍රය තහනම් කරන්න පෙර ඒ සදහා විකල්පයක් අපිට හදුන්වා දෙන්න කියන එකයි.එහෙම නැත්නම් වර්තමානයේ අපි පාවිච්චි කරන වින්ච් යන්ත්‍රයේ තියන අඩු පාඩු පෙන්වලා දීලා නවීකරණය කරන්න සහාය
දෙන්න කියන එකයි.එසේ නොවුනහොත් අපිට සිද්ධ වෙනවා මා දැල් කර්මාන්තයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න.
එහෙම උනාම මා දැල් කර්මාන්තකරුවන් මෙන්ම ඒ ආශ්‍රිතව සෘජුව සහ වක්‍රව ජීවත් වන විශාල පිරිසකට ජීවත් වීමේ ක්‍රමවේදයක් නැත්තටම නැති වෙනවා.
ඊයේ රටපුරාම තිබුන විරෝධතා වලදිද ඔවුන් ඉහත කරුණු
අවධාරණය කරන්නට යෙදුණා.
කෙසේ වෙතත් මේ වන විට දැවැන්ත මාළු හිඟයක් නිර්මාණය වෙලා කියන එක පැහැදිලියි.
පසුගිය දින කිපය පුරාම මිගමු දූව ලෙල්ලමට මාළු තොග අඩුවිමට මාදැල් කර්මාන්තයට පනවා ඇති තහනමද දැඩි ලෙස බලපාලා කියල තමයි ව්‍යාපාරිකයෝ කියන්නේ.












