හර්බල් ප්ලස් නවතම අලෙවිසල මීගමුව ගල්කන්ද හංදියේදී දැන් විවෘතයි. …

0
218

 

අපට හුරුපුරුදු මෙරට සාම්ප්‍රදායික කොළ කැඳ පානය අලෙවිකරණය තුළ නව්‍යකරණයට ලක් කරමින් එය දේශීය ආහාර සංස්කෘතියේ තවත් එක් අත්‍යවශ්‍යය අංගයක් ලෙස ප්‍රවර්ධනය කල හා ප්‍රචලිත කල එමෙන්ම මීගමුව පුරවරයට වෙනසක් හඳුන්වා දුන් ප්‍රකට තරුණ ව්‍යාපාරිකයෙකු වු නිරෝෂන් අධිකාරි මහතා විසින් ආරම්භ කළ හර්බල් ප්ලස් නවතම අලෙවිසල අද දින (06/02/2026) මීගමුව, ගල්කන්ද හංදිය ආසන්නයේදී විවෘත කෙරිණි .

මෙම අවස්ථාවට හර්බල් ප්ලස් අධිපති නිරෝෂන් අධිකාරි මහතාගේ දයාබර මව්පියන් හා සොහොයුරු සොහොයුරියන් සහ හිතමිත්‍රාදීන් පිරිසක් ද සහභාගි වූහ.

එමෙන්ම මෙම නව අලවිසල විවෘත කිරීමේ අවස්ථාවට ආරාධිතයින් ලෙස , මීගමුව සංචාරක සංගමයේ සභාපති ඒ වර්ණකුමාර මහතා, ප්‍රකට ඔපෙරා නාට්‍ය නිර්මාපකයෙකු මෙන්ම පාසල් කලා අධ්‍යක්ෂකවරයෙකු වු සුමුදු පතිරාජ මහතා ,සහ ජාතික පාරිසරික හා බලශක්ති උපදේශක නිමල් පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ඒ අනුව අද දින අභිනවයෙන් විවෘත කල මෙම නව අලෙවි සැලෙන් මෙතෙක් ඔබ සැම සුපුරුදු ලෙස රසවිඳි හර්බල් ප්ලස් ඖෂධීය කොළ කඳ පානය සමගින්, තවත් ස්වභාවික ඔසු භාවිත කරමින් පිළියෙල කරන පාන වර්ග කිහිපයක්ම පාරිභෝගික ජනතාවට මිලදී ගැනීමට මෙම නව අලවිසල තුළින් අවස්ථාව හිමිවේ.

IMG 20260206 WA0325 IMG 20260206 WA0319 IMG 20260206 WA0320 IMG 20260206 WA0321 IMG 20260206 WA0322 IMG 20260206 WA0323 IMG 20260206 WA0324
එමෙන්ම හර්බල් ප්‍ලස වෙතින් අලුතින්ම හඳුන්වා දෙන ශ්‍රී ලාංකික පොල් රසය සහ පොල් සාරය මුසුවු ” පොල් අයිස් ක්‍රීම් ” රස බැලීමටත් මිලදී ගැනීමටත් මෙම නව අලෙවි සැල තුළින් දැන් ඔබට හැකියාව ඇත.

එමෙන්ම තවත් ගුණදායි ස්වභාවික ඔසු සහ රස පිරි පලතුරු භාවිත කර පිළියෙල කරන ස්වභාවික ඔසු සහ පලතුරු පාන වර්ග සහ තවත් හර්බල් ප්ලස් නිෂ්පාදන රැසක් සමඟින් මීගමුව ගල්කන්ද හංදිය ආසන්නයේ අද දින විවෘත වූ මෙම නව හර්බල් ප්ලස් නව අලෙවි සලට පැමිණෙන මෙන් ඔබ සැමටම මෙලෙස ආරාධනා කරමු.

නිරෝගිමත් “මීගමු පුරවරකයට අත්වල සපයන මෙම හර්බල් ප්ලස් නව අලෙවි සැලට ඔබත් පැමිණෙන්න.

නො 325.
03 වන කුරන ,
කොළඹ පාර
, මිගමුව

වැඩි විස්තර දැනගන්න, කතා කරන්න
077 5 661 996 / 076 19 28 171

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here