Mr.කොත්තු එක ඇත්තටම වැහැව්වේ ඇයි ?

0
1008

 

Mr.කොත්තු එක වහල තියෙන්නේ ඇයි කියල හුඟදෙනෙක්ට ප්‍රශ්ණයක් වෙන්න ඇති.අනික කොත්තු මහත්තුරු පොඩි නෝටිස් එකක් දාල තියෙනව රෙපයාර් කටයුත්තක් හින්ද වහල කියල.

හැබැයි මේ රෙපයාර් වැඩ කොයිතරම් සුපිරියට  කළත් එයාලගේ නම නම් රෙපායාර් කරගන්න බැරි තැනට දැන් කටයුතු සිද්ද වෙලා ඉවරයි.  ඒක නම්  දැන් හරිම පැහැදිලියි.

ඉස්සරහ මේස වල ඉදන් කෑම කන අයට පිටපස්සේ පැත්තෙ මේ කොත්තු මහත්තුරු කරල තියෙන , ජාරා වැඩ නම් පේන්නේ නැ තමයි.IMG 20260213 174656

IMG 20260213 175236 IMG 20260213 175308ඒකයි අපි කියන්නේ ඒ ඇත්ත දැනගත්තම මේ කපේ  නම් නම රෙපයාර් කරගන්න බැරි වෙනවා කියල

ඇඟ ඩිජිටල් , ඔළුව කචල් .එහෙම නැත්නම් .කුස්සියේ ජාරා වතුර ටික බිත්තියේ හිලක් විදිල මිනිස්සු යන එන පාරකට හොරෙන් අරින්න පුලුවන්ද ?ජෙන්ටල්මන්ට් ලට.බෑනේ.

මේව කැතම කැත වැඩ

පට්ටම අවුල්.මහත්තුරුන්ට ගැලපෙන දේවල්ද අප්පා මේ

දැන් මේව ගැන අපි දිගටම ලිව්වා මේ .පැත්ත භාරව ඉන්න සුරංග phi මහත්තයා වැඩේ ගානට කලා.

වැඩේ කියන්නේ ජනවාරි 22 තිබුන නඩු දිනය දවසේ උසාවිය කියනව සති දෙකක් දෙන්නම් මේ අප ජලය⁣ එලියට මුදාහරින ඒව නිසි පිලිවලට පිලිසකර කරගන්න කියල.

කොහෙද මෙයාල ඒ කරන්නෙත් නෑ..

ඉතින් උසාවිය තදින්ම හිටියා.ඒසේරම වැරදි වැඩ හරිගස්සල මිසක් කඩේ අරින්න බැ කියල නියෝග දුන්නා.

මේ කතාව තමයි ඔය කොත්තු කඩේ රෙපයාර් කරන හින්ද වහල තියෙනව කියන වචන අස්සේ හංගල තියෙන තිත්ත ඇත්ත.

මේ වගේ අයව පාලනය
කරන්න නම් අනිවාර්යයෙන්ම ආපනශාලා වර්ගිකරණයට යන්නම වෙනව.ඒ වර්ගිකරණය තිබුන නම් mr.කොත්තුලට A හරි B පවා නොලැබෙන්න තිබුන .⁣මොකද මේ කරල තියෙන දේවල් වල හැටියට.

C අකුරු වගේ එකක් ගහල තිබුනොත් කන්න  බොන්න එන අයත් දැනගන්නව මෙයාලගේ grade එක මොකක්ද කියල.

ඒ හින්ද මේ ආපනශාලා
වර්ගිකරනය මිගමුවේ අනිවාර්යෙන්ම වෙන්න ඔ්නි.

වැඩේ කියන්නේ ඒ ව⁣ගේ සිරියස් වැඩක් කරන්න තරම් සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිට හැකියාවක් නැ.එයා හොදයි අනුන්ගේ සල්ලි වලින් කිරි බනිස් බෙදන්නයි පාරවල් වල මිනිස්සු වැටුනත් කමක් නැ වලවල් හදල මෝඩ විදියට ගස් හිටවන්නයි.

ඒ හින්ද නගරාධිපති රොබට් හීන්කෙන්දට අනිවාර්යයෙන්ම මේ වැඩේට අතගහන්න වෙනව.

ඉතාමත් හොද පළපුරුද්දක් ඇති SPHI ගුණදාස ,සහ සුරංගල ඇතුලු කට්ටිය වැඩේ ආයේ සුපිරියටම කරයි
දේශපාලන අධිකාරිය හින්දම කල්දාන්න වෙලා තිබුන මේ ශ්‍රේණි ගත කිරිම
දැන්වත් පටන් ගන්න.කල්නම් දාන්න එපා.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here