පහුගිය සති කිපය කියන්නේම මාළු මිළ ඉතා ඉහල ගිය කාලයක්.කොටින්ම කියනව නම් කැපී පේන විදියට මිළ අඩුවිමක් වුනානම් ඒ රයිස් ඉස්සන්ගේ විතරයි
රයිස් ඉස්සෝ කිලෝවක් රු 550 ඉදන් රු 900 අතර පරාසයක මිළ ඉහල පහල යමින් තිබුණා
රයිස් ඉස්සා මේ විදියට අඩුවෙද්දි ලොකුම ලොකුම ඉස්සගේ මිළ වේගයෙන් ඉහල ගියා.
රු 2800 ඉදන් රු 3500 ත් පැනල ගියා.
ලොකු ඉස්සාගේ මිළ පහල ගියෙ ම නෑ.
මතකද ගංවතුර කාලේ ඉස්සෝ පොකුණුවලින් මුහුදට පැනපු ඉස්සෝ ඒ කාලේ වික්කේ කිලෝ එකක් රු1400ට.
ඒ ඉස්සෝ තමයි දැන් මේ
3800 එහා මිළකට ගිහින් තියෙන්නේ.
දැන් නම් ඒ ඉස්සාගේ මිළ නම් බහින්නේ නැති පාටයි.
දැන් සති කිපයක් තිස්සේ ඉදන්ම ලෙල්ලමට එන යන පාරිභෝගිකයට වෙළෙන්දට සතුටුදායක තත්වයත්.තිබුනෙම නෑ.












