38 වන විජය ගුණ සමරුව.

0
143

මානව හිතවාදී ප්‍රවීණ කලාකරු විජය කුමාරතුංගයන්ගේ 38 වන ගුණ සමරුව සැමරේ ..

මෙරට කා අතරත් මානව හිතවාදියෙකු ලෙසත් දක්ෂ කලාකරුවකු ලෙසත්, එලෙසම යහපත් දේශපාලකයෙකු ලෙසත් ප්‍රකට, විජය කුමාරතුංගයන් ගේ 38 වන ගුණ සමරුව අද (16/02/2026 ) පෙරවරුවේදී කටුනායක 18 කණුව ප්‍රදේශයේ පිහිටි විජය කුමාරතුංග අනුස්මරණ සමාධිය ඉදිරිපිටදී පැවැත්විණි.

මෙම ගුණ සමරු වැඩසටහන විජය කුමාරතුංගයන්ගේ දයාබර බිරිඳ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එලෙසම විජය කුමාරතුංගයන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ. ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ විජය කුමාරතුංගයන්ගේ ඥාතීන් ඇතුළු පිරිස විසින් විජය කුමාරනතුංග අනුස්මරණ සමාධිය වෙත පුෂ්පෝපහාර පවත්වමින් බෞද්ධාගමික වතාවත් සිදුකළහ. සිදුව, සිරි සුගතාරාම විහාරවාසි, පණ්ඩිත, මලිදුවේ සුගුණ සිරි ස්වාමීන් වහන්සේ විසින් එම ආගමික වතාවත් සිදු කලහ.

මෙම ගුණානුස්මරණ වැඩසටහන සඳහා හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වු නන්දිමිත්‍ර ඒකනායක,  එලෙසම, ලලිත් වනිගරත්න,, පද්මසිරි කොඩිකාර, සංජය විජයබණ්ඩාර සහ තිලක් වරාගොඩ යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගි වූහ.
එලෙසම මෙරට ජනප්‍රිය කලාකරුවන් පිරිසක්ද මෙම ගුණ සමරුව වැඩසටහන සඳහා
සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here