මීගමුවට නව ජැටියක් සහ බෝට්ටු දියත් කිරීමේ අංගනයක්. !

0
506

 

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන මීගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඊට සමගාමීව , මීගමුව අධිකරණ සංකීර්ණය අසල, නව ජැටියක් සහ බෝට්ටු දියත් කිරීමේ අංගනයක් ඉදිකිරීමේ කටයුතු අද දින ( 17/02/2026 ) පෙරවරුවේදී අභිනවයෙන් සමාරම්භ කෙරිණි.
මෙම සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිතයින් ලෙස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලීංගම් චන්ද්‍රසේකර් මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සහභාගි වූහ.
ඒ අනුව ශ්‍රී ලංකා රජය මඟින් රුපියල් මිලියන 318.49 මුදලක් මෙම නව ජැටිය සහ බෝට්ටු දියත් කිරීමේ අංගනය වෙනුවෙන් වැය කිරීමට ඇස්තමේන්තු ගත කර ඇති අතර එය වසරක කාලයකදී ඉදිකර අවසන් කිරීමටද නියමිතව ඇත.
එලෙසම මෙම නව ජැටිය සහ බෝට්ටු දියත් කිරීමේ අංගනය ඉදිකිරීම සඳහා විශේෂඥ තාක්ෂණික සහාය සහ උපදේශකත්වය සපයනු ලබන්නේ මොරටුව විශ්ව විද්‍යාලීය වාස්තු විද්‍යා පීඨයේ, ව්‍යාපෘති උපදේශන ඒකකය මගිනි.IMG 20260217 WA0012 IMG 20260217 080343 IMG 20260217 WA0013 IMG 20260217 WA0018 IMG 20260217 WA0019 IMG 20260217 WA0016 IMG 20260217 WA0030 IMG 20260217 080825IMG 20260217 082345IMG 20260217 082322

මෙම නව ජැටිය සහ බෝට්ටු දියත් කිරීමේ අංගනය ඉදිකිරීමේ සමාරම්භක වැඩසටහන සඳහා ගම්පහ දිස්ත්‍රික් ධීවර කමිටුවේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි ප්‍රනාන්දු , මීගමුව නගරාධිපති, රොබට් හීන්කෙන්ද , නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු සහ මීගමු ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි  ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here