මේ වීඩියෝ පටයෙන් පෙනී යන්නේ, මීගමුව සංචාරක කලාපයේ සිල්වෙස්ටර් මාවතේ, රාත්‍රී කාලයට එම පාරේ ඇති වීදි ලාම්පු නොදැල්වීමෙන් විදෙස් සංචාරකයකු කානුවට ඇද වැටී මුහුණ පෑ අවධානම්කාරී තත්ත්වයකි.
මෙම සිදුවීම සිදු වූයේ ඊයේ දිනයේ (14/02/2026) රාත්‍රීී කාලයේදීය.
කලකින් වීදි පහන් අලුත් වැඩියාවක් කර කොමැති මීගමුව සිල්වෙස්ටර් පාරේ ,විදේශ සංචාරකයන් ගමන් ගන්නේ ඉතාම අවධානම්කාරීවය. එලෙස අවදානම් තත්ත්වයකින් ගමන් කළ විදෙස් සංචාරකයකු එම පාර අයිනේ වූ කානුව සමග ඇති වලක් සහිත ස්ථානයකට ඇද වැටී එම සංචාරකයාට සීරීම් තුවාල සහ අත්, පා , සහ බෙල්ල ප්‍රදේශයෙත් එමෙන්ම හිස ප්‍රදේශය ආශ්‍රිතවත් සීරීම් තුවාල සහ තැලීම් තත්ත්වයන් සිදුවී ඇති වී තිබේ.
මෙලෙස මීගමුව වැනි විදෙස් සංචාරකයින් බහුලව වෙසෙන සංචාරක පුරවරයක ,ඇති ප්‍රසිද්ධ පාරවල් වල වීදි ලාම්පු නාිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන්, රාත්‍රී කාලයට එම පාරවල් කරුවලේ තිබීම , මෙම පුරවරයට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයකි.
මීගමුවේ නගර බලධාරීන් සහ වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් මැදිහත්ව මෙවැනි ගැටලු ඉක්මනින්ම යථාවත් කිරීමට පියවර ගත යුතුව තිබේ.
මෙවැනි සිද්ධියකින් බොහෝ විට පෙනී යන්නේ, මීගමුව යනු සංචාරකයන්ට කිසිදු පහසුකමක් නැති සංචාරකයන්ට අනාරක්ෂිත ප්‍රදේශයක් බව නොවේද ?.
මෙවැනි තත්වයක් මීගමුවේ වෙසෙන අප සැමටම ලැජ්ජාවට කරුණක් නොවේද ???.












