සිස්ටම් චේන්ජ් කරන්න මිගමුවේ බලපෙරළියක් සිදුකල මාලිමා ක්‍රියාකාරින්ම අද මිගමුවේ කරවල කර්මාන්තයේ ප්‍රමිතිය ගැන බුකි සටහන් අලවල තියෙනව දැක්කා.
ඒ බුකි සටහන් වල මරුම වැඩේ කියන්නේ මිගමුවේ සෞඛ්‍ය කාරක සභාවේ සභාපති මොහාන් අබේසේකර අලවල තිබුන එක
එයා මිගමු වැල්ලෙ කරවල වේලන තැන ඉන්න බල්ලෙක්ගේ පින්තුරයක්
දාල තිබුන.
වැඩේ කියන්නේ මනුස්සයට මතක නැ එයාලම කියපු සිස්ටම් ජේන්ජ් කතාව අනික එයාට තමයි වගකිම තියෙන්නේ මිගමුවේ සෞඛ්‍ය ආරක්ෂිත සහ ප්‍රමිතිය ගැන අදාල ක්‍රියාමාර්ග ගැනිම සම්බන්ධයෙන්. මිගමුවේ සෞඛ්‍ය ආරක්ෂිත අහාර නිෂ්පාදනය ඇතුලු තවත් කාරණා ගණනාවක් ගැන අදාල කටයුතු කඩිනම් කිරිම වැඩපිළිවෙළක් හැදිම මිගමුවේ සෞඛ්‍ය කාරක සභාවේ ප්‍රධානම වගකිමක්..
හැබැයි සභාපති මිගමුවේ ප්‍රමිතිගත සෞඛ්‍ය වැඩපිළිවෙළක් හදන එක හැර අනික් ඔක්කොම කරනව, මරු සිස්ටම් චේන්ජ්.
පැල හිටිවනව, බනිස් බෙදනව පොටො ගහනව, බුකියේ ඒවා දානව වැඩ කෝටියයි
හැබැයි දේශපාලනයවත් නගර පාලනයවත් තේරෙන පාටක් නම් නැ.
මේ හින්දම මිගමුවේ ප්‍රමිතිගත සෞඛ්‍ය නම් හබක්ම තමයි.
එම්මානුවෙල් පෙරේරා.












