පාසැල් ළමුන් ඉලක්ක කරගෙන ප්‍රදේශය පුරා මත්පෙති ජාවාරම් කරන බවට මීගමුව සහකාර පොලිස් අධිකාරි රත්නායක මහතාට ලැබුණු තොරතුරක් මත මීගමුව මූලස්ථාන පොලිසිය මගින් සැකකරුවකු අත්අඩංගුවට ගෙන පසුගිය මාර්තු 03 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කළ පසු මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා එම සැකකරුව 11 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. මෙලෙස නියෝග ලැබුවේ අංක 23/06,රහුමානා බාත් පටුමග ලාසරස් පාර මීගමුව පදිංචි මොහොමඩ් මන්සුර් ඊශ්රන් නමැත්තෙකි.
ලද තොරතුරු අනුව මෙහෙයුම් ඒකකයේ පොලිස් පරීක්ෂක රණවීර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිවිල් උපාය දූතයෙකුට සලකුණු කරන ලද මුදල් නෝට්ටු ලබාදී එම මුදල් නෝට්ටු මගින් මත් පෙති මිලට ගැනීමේදී සැකකරු එම මත් පෙති සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි,මිලි. ග්‍රෑම් 150 යේ එක් මත් පෙත්තක් මෙලෙස මිලට ගෙන එම නිවස පරීක්ෂා කිරීමේදී මත්පෙති 27 ක් ඔහු සන්තකයේ නිවසේ තිබී අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු සම්බන්ධව තවදුරටත් විමර්ශනය කිරීමට තිබෙන බැවින් බණ්ඩාර සහ දුමින්ද යන නිලධාරින්,මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.












