කම්මල් මෝය ආශ්‍රිත ප්‍රදේශයටත් “” මිනි බීචි පාර්ක් “” එකක් ???.

0
180

 

මා ඔය මුහුදට වැටෙන ස්ථානය, හෙවත් කම්මල්තොට, කම්මල් මෝය ප්‍රදේශයට ” මිනි බීච් පාර්ක් ” එකක් හෙවත් කුඩා වෙරළ උද්‍යානයක් , නිර්මාණය කළ යුතු බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් යෝජනා කර තිබුණි.
මේ පිළිබඳව වැඩි දුරටත් විස්තර අනාවරණය වූයේ පසුගිය 04 වැනිදා (04/03/2026) ,මීගමුව හින්දු සංස්කෘතික ශාලාවේ පැවැති මාර්තු මාසයට අදාල සංවර්ධන කමිටු රැස්වීමේදීය.
එම සංවර්ධන කමිටු රැස්වීම , ගම්පහ දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යෝජනාවක් ලෙස මෙම කම්මල් මෝය ප්‍රදේශයේ කුඩා වෙරළ උද්‍යානයක් නිර්මාණය කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සහ එම ව්‍යාපෘතිය පිළිබඳව මීගමුව , වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයේ, ප්‍රාදේශීය ඉංජිනේරු සුපුන් විජේන්ද්‍ර මහතා අදහස් පල කළේය.

එහිදී ප්‍රාදේශීය ඉංජිනේරුවරයා විසින් ප්‍රකාශ කළේ මෙය මිණි බීච් පාක් එකක් හෙවත් කුඩා වෙරල උද්‍යානයක් බවට ප්‍රකාශ කළත් මෙහි කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන බවයි. මෙම පරිසර කලාපයේ සුන්දරත්වය,වටිනාකම හා එහි ස්වභාවය ඒ ආකාරයෙන්ම ආරක්ෂා වන පරිදි ජනතාවට එම ස්ථානයට පැමිණ මුහුදු වෙරළේ හා මෝය ආශ්‍රිතව මෙන්ම මා ඔය ප්‍රදේශයේ සුන්දරත්වය අත් විඳීමට අවැසි වන ආකාරයට මෙම ස්ථානය ස්වභාවික ආකාරයකට නිර්මාණය කරන බවද ඔහු එහිදී අනාවරණය කළේය. ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ මෙම පාරිසරික කලාපය තුළ විශේෂයෙන්ම කම්මල් මෝය ආශ්‍රිත ප්‍රදේශය විටෙන් විට ජල ගැලීම් අධි තත්ත්වයන් නිසා වෙනස්වීම් වලට ලක්වන බවයි. එවැනි තත්ත්වයක් තුළ එම කලාපය තුල කිසිදු ඉදිකිරීමක් කළ නොහැකි බවත්, මෙම කුඩා වෙරළ උද්‍යාන යෝජනාව තුළ කෙසේවත් මෙම පරිසර කලාපයේ පැවැත්මට බාධා වන පරිදි කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන බවත් ඔහු එහිදී අවධාරණය කළේය.
එමෙන්ම ප්‍රාදේශීය ඉංජිනේරුවරයා සඳහන් කළේ මෙම ස්ථානයේ පවතින සංවේදී පාරිසරික වටිනාකමට කිසිදු ආකාරයක අලාභ හානියක් සිදු නොකර මෙම ස්ථානය ජනතාවට පැමිණ විශේෂයෙන් පවුලේ අය හා එක්ව පැමිණ ස්වභාවික පාරිසරික සුන්දරත්වය රසවිඳීමට හැකිවන ආකාරයට සකස් කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .
ඒ අනුව මෙහි වැසිකිලියක් හෝ වැසිකිලි පද්ධතියක්වත් ස්ථීර ලෙස ඉදි නොකරන අතර බොහෝ විට මෙහි පැමිණෙන ජනයාට භාවිත කිරීමට සිදුවන්නේ තාවකාලිකව මෙම ස්ථානයේ ස්ථාපිත කර ඇති ජංගම වැසිකිලි කිහිපයකි. මේ පිළිබඳව ප්‍රාදේශීය ඉංජිනේරුවරයා ප්‍රකාශ කරන්නේ මෙම ස්ථානය කුමන හෝ ඉදිකිරීමක් කළහොත් එය මෙම ස්ථානයේ ස්වභාවික සෞන්දර්යයට හා පරිසර අලංකරණයට එය විශාල බාධාවන් සිදුවන බවයි.

කෙසේ වෙනත් වෙරළ උද්‍යානයක දැකිය හැකි වෙනත් ගොඩනැගිලි කඩ සාප්පු හා විනෝදාස්වාදන ස්ථාන මේ අනුව මෙම වෙරළ උද්‍යානය තුළ ස්ථාපිත නොකරන බවත් ජනතාවට ,ප පවුලේ සාමාජිකයන් සමඟ පැමිණ ස්වභාවික පාරිසාරික සෞන්දර්ය රස විඳීමටත් හැකි පසුබිමක් මෙහි නිර්මාණය කරන බවත් ප්‍රාදේශයේ ඉංජිනේරුවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here