කොච්චිකඩේ, අඛන්ඩ විදුලිය ඇනහිටීමක්.!..

0
78

 

මීගමුව කොච්චකඩේ, ප්‍රදේශයේ පල්ලන්සේන, දූවන, පෝරුතොට, පළාඟතුරේ සහ කම්මල්තොට ආදි ග්‍රාමයන් කිහිපයකටම ඊයේ (09/03/2026) හවස 6.00 පමණ සිට ⁣අද දින (10/03/2026) දක්වා පුරා පැය 24ක කාලයක් අඛණ්ඩව විදුලිය විසන්ධි වී ඇති බවට වාර්තා වුණි. එම ග්‍රාමයන්හි පදිංචි ජනතාව චෝදනා කරන්නේ මෙවැනි තත්ත්වයක් ඇතිකරලීම විදුලි බල මණ්ඩලය විසින් සිදු කරන කරන පහත් ක්‍රියාවක් බවයි.

වාර්තා වන පරිදි මේ පිළිබඳව ඉක්මන් විසඳුමක් ලබාදීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් විදුලිය විසන්ධි වී මෙම ග්‍රාමයන්හි 500 කට අධික පිරිසක් මේ වන විට කොච්චිකඩේ, පොලිස් ස්ථානය ඉදිරිපිට රැස්ව සිටින බවද වාර්තා වේ.

මේ පිළිබඳව කළ සොයා බැලීමකදී දැන ගන්නට ලැබුණේ ඊයේ දිනයෙන් (09/03/2026) පසු වර්තමාන ජන බලවේග රජය විසින් ලංකා විදුලි බල මණ්ඩලය ( ලංවීම ) අහෝසි කර එම සියළු කාර්යයන් සිදු කිරීම ආයතන කිහිපයක් යටතේ සිදුකිරීමට රජයබවිසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති බහුතරයක් රජයට ඉල්ලීම් කීපයක් සපුරාදෙන ලෙස ඉල්ලීම් කර ඇත .

එහෙත් රජය විසින් ඒ කිසිදු ඉල්ලීමකට සංවේදී නොවී අත්තනෝමතිකව සහ හිතුවක්කාරී ලෙස ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි කර එම ආයතන කිහිපයක් ස්ථාපිත කර එම සියලු කාර්යයන් හා සේවාවන් අලුතින් ස්ථාපිත කළ එකී ආයතන වලට පැවරීම හේතුවෙන් ,ඒ සඳහා සිය විරුද්ධත්වය ප්‍රකාශ කිරීම,සඳහා විදුලි සේවකයන් සියලු හදිසි කාර්යයන්ගෙන් ඉවත්වීමට එම වෘත්තිය සමිති තීරණය කර තිබේ.

එම වෘත්තීය සමිතිවල තීරණය අනුව හදිසි විදුලිය බිඳ වැටීම්, යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලි සේවකයන් ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ ග්‍රාමයන් කීහිපයකට මේ තත්ත්වය උදාවී ඇති බව විදුලි සේවකයෙක් වැඩිදුරටත් අප හා පැවසීය.

මෙම තත්ත්වය නිසා අසරණභාවයටත් අසීරුතාවයටත් එලෙසම දැඩි ලෙස දුෂ්කරතාවයටත් පත්ව ඇත්තේ අහිංසක ජනතාව බවයි, බොහෝ දෙනකු පවසන්නේ.

එමෙන්ම වැඩිදුරටත් වාර්තා වන්නේ රජය සහ එම වර්ජනයේ නිරත විදුලි සේවකයන් අතර ඇතිවූ සාකච්ඡාද මේ වන විට අසාර්ථක තත්ත්වයට පත් ව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here