SLAP MSME සම්මාන උළෙලේදි මීගමුවේ Fine Art මුද්‍රණකරුවෝ සම්මාන 11 ක් දිනාගනියි

0
578

 

‍ ශ්‍රී ලාංකික මුද්‍රණකරුවන්ගේ සංගමයේ  SLAP MSME සම්මාන උළෙලේ දී මීගමුවේ ප්‍රකට මුද්‍රණ ආයතනයක්වු ෆයින් ආට්ස් මුද්‍රණ ආයතනය  Fine Art Printers විසින් සම්මාන 11ක් දිනාගෙන තිබේ.  මෙම  සම්මාන පිරිනැමීම පසුගියදා කොළඹ බන්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී  පැවැත්වූ අතර මෙහි ප්‍රධාන අමුත්තා ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා සහභාගී වන ලදී.

ෆයින් ආට්ස් මුද්‍රණ ආයතනය විසින් දිනාගත් මෙම සම්මාන සහ ජයග්‍රහණය විශිෂ්ටත්වය, නවෝත්පාදනය, ඔරොත්තු දීමේ හැකියාව සහ ශ්‍රී ලංකාවේ මුද්‍රණ සහ ඒ ආශ්‍රිත කර්මාන්ත නඟා සිටුවීම සඳහා වූ කැපවීමේ සැබෑ පිළිබිඹුවක් වන බව මුද්‍රණකරුවන්ගේ සංගමය පවසයි.

MSME විසින් මෙම සම්මාන උළෙල සාර්ථකව  සංවිධානය කළ අතර, අයදුම්පත් 1,000 කට අධික සංඛ්‍යාවක  අයදුම්කරුවන් මේ සදහා අයදුම් කරන ලදී.

මෙම සම්මාන උළෙලට ,  සභාපති ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය සභාපති – අපනයන සංවර්ධන මණ්ඩලය (EDB). අධ්‍යක්ෂ ජනරාල් – ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) . අධ්‍යක්ෂ ජනරාල් – ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය . සභාපති – ශ්‍රී ලංකා පාරිසරික වෘත්තිකයන්ගේ ආයතනය ,  සභාපති – ඇසුරුම්කරණ සංගමය ,  සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here