හිටපු ජනපති වික්‍රමසිංහට සිංගප්පුරුවේදි පැය 9 සැත්කමක්

0
20

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ සිංගප්පුරුවේ පෞද්ගලික රෝහලකදී හෘද සැත්කමකට භාජනය වී ඇති බව ද ලිඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

පැය 9කට වැඩි වෙලාවක් සිදුකර ඇති මෙම සැත්කමෙන් පසු ඔහු එම රෝහලේ දැඩි සත්කාරක ඒකකයට ඇතුලත්කර ඇතැයිද එම පුවතේ වැඩිදුරටත් සඳහන්ය.

සැත්කමකට භාජනය වූ රනිල් වික්‍රමසිංහ ගේ සෞඛ්‍ය තත්වය යහපත් බව සිංගප්පූරුවේ සිටින ඔහුගේ සමීප හිතවතකු ‘ද ලීඩර්’ වෙත පවසා තිබුණි.

පසුගිය සතියේ දින කිහිපයක් මෙරට රෝහලක නේවාසිකව වෛද්‍ය පරීක්ෂණවලට ලක්වූ රනිල් වික්‍රමසිංහ, විශේෂඥ වෛද්‍ය උපදෙස්මත සිංගප්පූරුව බලා පිටත්ව ගියේ මේ සතිය මුලදීය.

මාර්තු 24 දා රනිල් වික්‍රමසිංහ ගේ ජන්ම 77 වන දිනය යෙදී තිබේ.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශල්‍යකර්මයකට යොමු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසා තිබුනි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (19) වරාය නගර කොමිෂන් සභා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

එම ශල්‍යකර්මය ඉතා සාර්ථකව අවසන් කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ඔහු කීය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here