මීගමුව, පෝරුතොට සජබ පත්කල නාගරික මන්ත්‍රීගෙන්, පක්ෂ මහා ලේකම් නිදහසට කරුණු විමසයි ???

0
218

 

මීගමුව මහා නගර සභාවේ මාර්තු මාසයට අදාළ මහා සභා රැස්වීමේදී ආණ්ඩු පක්ෂය ( ජන බලවේග) විසින් කඩොල්කැලේ ක්‍රීඩා පිටියෙන් ඉඩම් කොටසක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ආරාධනයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සඳහා, කුඩා ගෘහස්ථ පාපන්දු ක්‍රීඩාංගනයක් ( Mini Foot Ball Pitch ) ඉදිකිරීම සඳහා වෙන්කර දිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළේය. ආණ්ඩු පක්ෂය විසින් ගෙන ආ මෙම යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් මීගමුව මහා නගර සභාවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේග පක්ෂය විසින් ඒ සඳහා බෙදීමක් අවශ්‍ය බවට ඉල්ලීමක් කළහ. ඒ අනුව එම යෝජනාව සම්බන්ධව මහා සභාවේ ඇති වු එම බෙදීම මත ඡන්ද විමසීමක් පැවැත්වුනු අතර එම ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේ මහා සභාවේ නොසිටීම පිළිබඳව, ඒ සම්බන්ධයෙන් මීගමුව පෝරුතොට කොට්ඨාශයේ පත් කළ (සජබ) විපක්ෂ නාගරික මන්ත්‍රීවරයාගෙන්, පක්ෂ මහා ලේකම්වරයා නිදහසට කරුණු විමසා ඇතැයි වාර්තා වේ.
සමගි ජන බලවේග පක්ෂයේ මහා ලේකම්, රන්ජිත් මද්දුම බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් මෙලෙස නිදහසට කරුණු විමසා ඇත්තේ, එදින එම ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේ සභා ගර්භයේ රැඳී නොසිට , නික්ම ගොස් සිටි මීගමුව පෝරුතොට කොට්ඨාශය නියෝජනය කරමින් සමගි ජන බලවේග පක්ෂයෙන් ඉදිරිපත් ව, ලයිස්තුවෙන් පත්කල මොහොමඩ් අෆ්රාස් නැමැති නාගරික මන්ත්‍රීවරයාගෙනි.

එදින එම ඡන්ද විමසීමෙන් අනතුරුව මීගමුව නගරාධිපතිවරයා විසින් පැවසුවේ වැඩි ඡන්ද 30 කින් එම යෝජනාව සභා සම්මත වූ බවයි. ඒ අනුව ආණ්ඩු පක්ෂය විසින් ගෙන ආ එම යෝජනාවට පක්ෂව ඡන්ද 35 ක් සහ විපක්ෂව ඡන්ද 05 ක් ද ලැබී තිබුණු අතර එදින මහා සභාවට නොපැමිණි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 04 කි. එලෙසම ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේ ⁣ මොහොමඩ් අෆ්රාස් නැමැති මෙම (සජබ) විපක්ෂ නාගරික මන්ත්‍රීවරයා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් 05 දෙනෙකු සභා ගර්භයේ රැඳී නොසිටි බවද පසුව වාර්තා වුණි.
ඒ අනුව එම ඡන්ද විමසීම පැවැත්වුණු අවස්ථාවේ , මීගමුව පෝරතොට කොට්ඨාශයේ ලයිස්තුවෙන් පත් කළ මෙම නාගරික මන්ත්‍රීවරයා සභා ගර්භයේ රැඳී නොසිටීම සම්බන්ධව මෙලෙස සමගි ජනබලවේග පක්ෂය, ඔහුගෙන් නිදහසට කරුණු විමසා ඇති බව වැඩි දුරටත් වාර්තා වුණි.

මීගමුව මහා නගර සභාවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේග පක්ෂයේ නාගරික මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයන් 09 දෙනෙකු සිටින අතර ඉන් 02 නෙක් නාගරික මන්ත්‍රීවරුන් වේ . ඉතිරි 07 දෙනා නාගරික මන්ත්‍රීවරියන් වේ . සමගි ජන බලවේගයේ මීගමුව වැල්ලවීදිය කොට්ඨාශය නියෝජනය කරන ෂෙනී ප්‍රනාන්දු නැමති විපක්ෂ නාගරික මන්ත්‍රීවරිය මහා සභා රැස්වීම් 03 කට පමන අඛන්ඩව සහභාගි නොවීමෙන් ඇයගේ නාගරික මන්ත්‍රී ධූරය මේ වන විට අහෝසි වී ඇති අතර ඒ සඳහා වෙනත් මන්ත්‍රීවරියක පත් කර ගැනීමට නියමිත බවද මේ අතර වාර්තා වුණී. එලෙසම සමගි ජන බලවේගයේ ඒත්තුකාල කොට්ඨාශය නියෝජනය කරන ෂෙනුකා ප්‍රනාන්දු නැමැති නාගරික මන්ත්‍රීවරිය දැනට මාස 03 ක පමණ කාලයක් ප්‍රසූත නිවාඩු ලබාගෙන ඇතැයිද වාර්තා වුණි. එලෙසම කඩොල්කැලේ කොට්ටාශය නියෝජනය කරන පියුමි රත්නායක නමැති නාගරික මන්ත්‍රීවරියට එදින අසනීප තත්ත්වයක් නිසා රෝහල් ගතවීමට සිදු වු බැවින් ඇය එදින මහා සභා රැස්වීමට පැමිණ සිටියේ නැත.

මේ අනුව මාර්තු මස මහා සභා රැස්වීමට පැමිණ තිබුණේ සමගි ජන බලවේග නාගරික මන්ත්‍රී කණ්ඩායමේ 06 දෙනෙකු පමනි.
මෙලෙස එම ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ සභා ගර්භයේ රැඳී නොසිටි විපක්ෂ නාගරික මන්ත්‍රී මොහොමඩ් අෆ්රාස් , මීගමුව පොරුතොට කොට්ඨාශය නියෝජනය කළ මොහොමඩ් නස්මිහාර් හිටපු විපක්ෂ නාගරික මන්ත්‍රීවරයාගේ වැඩිමහල් සහෝදරියගේ පුතුණුවෙකු බවද වැඩි දුරටත් වාර්තා වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here